හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ ඩිස්ටිලරීස්) ආයතනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (05) දිනයේ සීල් තබා ඇති බව වාර්තා වේ.
බදු ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙසේ එම ආයතනයට සීල් තබා ඇති බව සඳහන්.
සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අද පෙරවරුවේ FCIDය හමුවට ද කැඳවා තිබුණු අතර මීට මඳ වේලාවකට පෙර එහිදී ඔහුව අත් අඩංගුවට ද ගෙන තිබිණි.


