කවුද ගන්නේ ශ්‍රීලංකන් ?

Date:

වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 මාර්තු 31 දින සිට නැවතත් රජයට පවරා ගනු ලැබුවා.

පහතින් තියෙන්නේ 2008 මාර්තු අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් – රුපියල් බිලියන 51.3යි.
බැරකම් – රුපියල් බිලියන 28.5යි.
ශුද්ධ වටිනාකම – රුපියල් බිලියන 22.8යි.

රජයට පවරාගත් මෙම ආයතනයේ අද මූල්‍ය තත්ත්වය කෙසේද?

පහතින් තියෙන්නේ 2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් – රුපියල් බිලියන 154.4යි.
බැරකම් – රුපියල් බිලියන 443.6යි.
ශුද්ධ වටිනාකම – රුපියල් බිලියන සෘණ 289.3යි.

පොදු අරමුදල් වලින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය – රුපියල් බිලියන 82.5යි. (මෙම ගණනට 2020/21 මූල්‍ය වර්ෂය තුළ රජය විසින් ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 27.7ක මුදලක් සහ ඊට පෙර යෙදවූ මුදල් ඇතුළත්.)

රජය විසින් යෙදවූ මුදල් වාෂ්ප වී අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මුදල් වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න සිදු වී තිබෙන්නේ රටේ බදු ගෙවන ජනතාවටයි. වත්කම් හා බැරකම් අතර රුපියල් බිලියන 289.3ක හිඟයක් තිබෙන්නේ ඊට අමතරවයි.

මුදල් අමාත්‍යංශයට අනුව 2021 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 170.6ක ශුද්ධ අලාභයක් ලබා ඇති අතර, 2022 පළමු මාස හතර තුළ තවත් රුපියල් බිලියන 248.4කශුද්ධ අලාභයක් ලබා තිබෙනවා. මේ අනුව, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම මේ වන විට රුපියල් බිලියන 700ක් පමණ විය හැකියි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවානම් කළ හැක්කේ මෙසේ එකතු වී ඇති ණය ආපසු ගෙවීමේ බර බදු ගෙවන ජනතාව මත පැටවිය හැකිනම් පමණයි. නිකම් දුන්නත් ණයකට කර ගහන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ.

ඇතැම් අය යෝජනා කරනවාක් මෙන් තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන විකුණා ලැබෙන මුදලකින් රජයට ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. මේ ආයතන විකිණුවත්, තියා ගත්තත් මේ ආයතන වල ණය ගෙවන්න සිදු වී තිබෙන්නේත් අනාගතයේදී බදු ලෙස එකතු කරගන්නා මුදලකින්ම තමයි. ඒ විදිහට හෝ ණය නොගෙවුවොත් වෙන්නේ මේ ආයතන කඩා වැටෙනවාට අමතරව මේ ආයතන වලට ණය දී තිබෙන රාජ්‍ය බැංකුත් කඩා වැටෙන එකයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ...

ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 ජුනි මාසයේ පළමු දින 10...

ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින්...

ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර...