ඩුබායි ගිය ගෝඨාභය යළි දිවයිනට

නිවාඩුවක් ගතකිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) යළි දිවයිනට පැමිණ තිබේ.

සිය බිරිඳ සහ පවුලේ සාමාජිකයින් සමග ඒ මහතා දිවයිනෙන් පිටව ගොස් තිබුණේ පසුගිය දෙසැම්බර් 26 වනදා ය.

ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර ද මෙම සංචාරයට එක්ව සිටියේය.

RN