දක්ෂිණ ලංකාවෙන් ලංකාවටම බලපාන විවාත බැඩිමින්ටන් තරගාවලියක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 05 කොළඹ (LNW): දකුණු පළාත් බැඩිමින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කරන දකුණු පළාත් විවෘත බැඩිමින්ටන් සූරතාවලිය ජනවාරි 28 සිට පෙබරවාරි 3 වන දා දක්වා පැවත්වීමට නියමිතය.දඩල්ල දිස්ත්‍රික් ක්‍රිඩා සංකීරණය,ගාල්ල සහ අම්බලන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට නියමිත මේ තරගාවලිය ජාතික ශ්‍රේණිගත කිරීම් තරගාවලියක් ලෙස පැවත්වෙන බැවින් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලිය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


තරගාවලියට ඇතුළත්වීමේ අවසාන දිනය ජනවාරි 15 වන දා ලෙස දක්වා ඇත.අදාළ ඇතුළත්වීම මෙන්ම ඇතුළත්වීමේ ගාස්තු ගෙවීම ද මාර්ගගත ක්‍රමයට (ONLINE) සිඳු කළ හැකි අතර ඒ සඳහා පහත සබඳතාවයට පිවිස අවශ්‍යය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.


https://srilankabadminton.lk/tournament/southern-province-open-all-island-badminton-championship-2024/?fbclid=IwAR1oNAUUYXbv0wIZMlqjx2nkrG1HSNWZ7szLir6IlHS4K2BUL4qf0ZCehGw


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අධීක්ෂණය සහ දායකත්වය ලබා දෙමින් දකුණු පළාත් බැඩිමින්ටන් සංගමය සමඟ එක්වන මේ තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස McFOIL,Mobil,3M,LI-NING,GaC එකුවන අතර විවෘත තරගාවලියට අමතරව කණිස්ඨ අංශයෙන් අවුරුදු 11න් පහළ,13න් පහළ,15න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ තරග අංශද ඇතුළත් වෙයි.එසේම මෑත කාලයේ ආසියානු ප්‍රවීන තරගාවලියේ දි දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා බැඩිමින්ටන් ප්‍රවීනයන් සඳහා ද 30+,35+,40+,45+,50+,55+,60+,65+,70+ වයස් කාණ්ඩ යටතේ ද තරග පැවත්වෙනු ඇත.වැඩි විස්තර අවශ්‍ය අය සඳහා, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අමතා (දුරකතන අංක +94 11 268 6264) තරගාවලිය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව සළසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...