රු. බි. 120ක ලාභාංශයක් ඉපැයූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රසාද දීමනාවකුත් ගෙවලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙවීගිය 2023 වර්ෂය තුළ රුපියල් බිලියන 120ක පමණ ලාභාංශයක් උපයා ඇති බව වාර්තා වේ.

2023 වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය 50%කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන් පැවසූවත්, වසරේ අවසන් මාස කිහිපයක තුළ පැවැති ඉන්ධන මිල ගණන්වලට අනුකූල වු විකුණුම් ක්‍රියාවලිය සලකා බැලීමේදී පෙර වසරවලට සාපේක්ෂව සංස්ථාව ඉහළ ලාභයක් වාර්තා කර ඇති බව වාර්තා වේ.

එම සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ, සයිනොපෙක් චීන ඉන්ධන සමාගම් හා පවතින තරඟකාරීත්වය අවම වීම තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය අවදානම් මට්ටක පවතින බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, එනිසා එය පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවක් පැන නොනඟින අතර ලාභාංශ තවදුරටත් ඉහළ නංවා ගනිමින් ඉදිරි ඉලක්ක සපුරාගැනීමට සංස්ථාව සුදානමින් පසුවන බවයි.

තවද, පසුගිය දෙසැම්බර් මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනාවක්ද ලබාදී ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...