නුවර මෙවරත් – තවමත් පෙරමුණේ

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 05 කොළඹ (LNW): නිපොන් ජාතික රග්බි ලීග් තරගාවලියේ පස්වන සතිය ඇරෂෙන විටත් දීර්ඝ කාලයක් පුරා එහි සූරතාවයේ හිමිකාරීත්වය දරන මහනුවර ක්‍රීඩා සමාජය,මෙවරත් ජාතික සූරතාවය දිනා ගැනීම කරා පෙරමුණ ගෙක තිබෙනවා.ඔවුන් මෙන්ම අපරාජිත බව රැක ගනිමින් ඉදිරියට යන සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලකුණු ලබා ගැනීම සහ ලකුණු ලබා දීමේ දත්ත සළකා බැලීමේදි හිමිවන ප්‍රසාද ලකුණු ද සමඟ මහනුවරට ලකුණු 24 ක් හිමිවෙද්දී,ලකුණු 23 ක් ලබා ගනිමින් සීආර් දෙවන තැන රැදී සිටිනවා.


මේ සතියේ තරගවලදී ද සීආර් සහ මහනුවර හමුනොවන අතර මහනුවරට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ද,සීආර් ක්‍රීඩකයින්ට නාවික හමුදා රගර් කණ්ඩායමද හමුවීමට නියමිතයි. සීආර් ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩිකාවන් ද හෙට (ජනවාර් 06) දිනයේදී නාවික හමුදාව සමඟ ගැටුමට වැලිසරට යාමට නියමිතව තිබෙනවා.මේ සතියේ පැවත්වෙන් තරග පහ අතරට වැටෙන එකම කාන්තා තරගය වැලිසරදී පැවත්වෙන අතර මේ සතියේ අද දිනයේදී පොලිසීය සහ යුද හමුදාවත්,හෙට ගුවන් හමුදාව සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමත් තරග වැදීමට සූදානමින් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...