රටක් පාලනය කිරීමේ අවබෝධයක් NPP එකට නෑ – හර්ෂ ද සිල්වා

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටින්නේ, අනාගත ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම පැහැර අරින බවට එහි ඉහළම ආර්ථික විද්‍යාඥයකු වන සුනිල් හඳුන්නෙත්ති විසින් කරන ලද ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ අදහසක් නොමැති බවයි.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ද අනාගතයේ ඔවුන්ගේ රජයක් යටතේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 12 නොගෙවන බවට කලින් අවධාරණය කළ බවත්, එය දැන් එහි ඉහළම ආර්ථික විද්‍යාඥ සුනිල් හඳුන්නෙත්ති විසින් නැවත ප්‍රකාශ කර ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයේ සටහන් කර ඇත.

වැඩිදුරටත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ , ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත විසින් ලංකා සභා ගර්භයේදී මුලින්ම එසේ ප්‍රකාශ කර ඇති අතර, දැන් ඔවුන්ගේ ඉහළම ආර්ථික විද්‍යාඥ සුනිල් හඳුන්නෙත්ති විසින් පැහැදිලිවම පුනරුච්ඡාරණය කිරීමෙන් මේ අයට රටක් පාලනය කරන්නේ කෙසේදැයි කිසිසේත්ම අවබෝධයක් නැති බව පෙන්වීම බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංකගිරියක අපේ ජීවිත ….

අප සමනල් පිහාටු වැනි ජීවිතවන්දනාවේ යන්න ඉපදීනමුත් ඒ දුර...

හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...