අපි ඉන්නේ ආර්ථික යුද්ධයක.ඒකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපි ගේන්නේ – රෝහිත

කොළඹ LNW: 2024 වසරේ මැතිවරණ අභියෝගයට මුහුණ දීමට ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

ඒ, අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගත හැකි ආර්ථිකය හදිය හැකි කෙනෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”2024 මැතිවරණ වර්ෂයක් කියන්න අපි හැමෝම දන්නවා. ව්‍යවස්ථානුකූලව අනිවාර්යෙන්ම ජනධිපති මැතිවරණයක් පවත්වන්න ඕනේ. ඒක පැහැදිලියි. පක්ෂය හැටියට අපේ පාක්ෂිකයන්ට දෙසැම්බර් 15 වැනිදා දැවැන්ත සම්මේලනයක් තියල මේ මැතිවරණ වසර ගැන දැනුවත් කරලා තියෙන්නේ. මොන මැතිවරණය ආවත් අපි ලෑස්තියි. දේශපාලනයේ විතරක් නෙවෙයි හැමදේකම අත්දැකීම් වැදගත්. එහෙට මෙහෙට යන මේ වගේ සිදුවීම් අපි දැක්කා. 2015 මොකද වුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ජනවාරි 07 වැනිදා රෑ 12.00 වෙනකම් හිටපු අය එතුමා ජන්දේ පරාදයි කියපු ගමන් දාලා ගියා. ජ්‍යෙෂ්ඨයෝ, දැවන්තයෝ ගියේ. ගිහින් කිව්වේ රාජපක්ෂලා ඉවරයි කියල. අර ගියපු අය ඔක්කොම මොකද වුනේ 2017, 2018, 2019 වෙද්දී ආපහු ආවා. මේක ඔන්චිල්ලාවක් වගේ එහෙටත් පැද්දෙනවා මෙහෙටත් පැද්දෙනවා. ජ්‍යෙෂ්ඨයෝ නවකයෝ ඔය කියන අය කොහේ ගියත් අවසානයේ එන්න වෙන්නේ මේ පොහොට්ටුවට. අපෙන් ගිය ජ්‍යෙෂ්ඨ නායකයින්ට අපි කියනවා නැවත එන්න, වැරදි නිවැරදි කරගන්න පුළුවන්. මොකද කඳවුරු දෙකයි තියෙන්නේ. තීරණාත්මක මැතිවරණයකදී කොයි කඳවුරේද ඉන්න වෙන්නේ කියල තීරණ කරන්න වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...