ඉන්දියාව ජයගත් කිල්මිෂා ජනපති හමුවෙයි! (PHOTOS)

Date:

කොළඹ LNW: ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.

මෙම හමුව සිදුව තිබුණේ ඊයේ (04) ජනාධිපතිවරයාගේ කිලිනොච්චි සංචාරය අතරතුරය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය ලෙස දැක්වෙයි.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

කිල්මීෂා උදයශීලන් දියණිය ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...