ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවිසැරිය නිම කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): මෙරට ලේඛණ කලාවේ ග්‍රන්ථ කතුවරයෙකු සහ ප්‍රවීණ මාධ්‍යවේදී වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

හෘදයාබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර සිටිය දී අද (05) උදෑසන මියගොස් ඇති බවයි වාර්තා වේ.

ගම්පහ පහළගම ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් කුමාර මහතා , මිය යනවිට 63 හැවිරිදි වියේ පසුවූ අතර, 1980 දශකයේ දිවයින පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ඇත. පසුව යොවුන් පුවත්පත් කලාවෙන් මහත් කීර්තියකට පත්වූ අයෙකි.

තවද, ඒ මහතා නවකතා ධනාත්මක චින්තන කෘති පරිවර්තන නවකතා චරිත කතා ආදී වශයෙන් ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් රචනා කළ අයෙකු ලෙසද ජනප්‍රසාදය ලබාගත් අයෙකි.

සඳරේණු” පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසද ඒ මහතා කටයුතු කර ඇත. ” දැහැන” අතිරේකයේ “අහස් ගංගා” නවකතාව ඔහුගේ අතින් ලියැවූ ලස්සන මතකයකි.

ශ්‍රී ලාංකීය හදවත් අකුරින් සනසමින් ඔබ කළ මෙහෙය සදකාලික මතකයක් වී පවතීවි,

ඔබට සුභ ගමන්!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය කරනවා නම් රිමාන්ඩ් වෙන්නත් ඕනේ. නැත්නම් ඒ දේශපාලන චරිතය සම්පූර්ණ වෙන්නේ නැහැ!

කොළඹ LNW:රටේ දේශපාලඥයෙක් ලෙස රිමාන්ඩ් භාරයෙවත් නොසිටියහොත් එම දේශපාලන...

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...