වැඩිහිටි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කමිටුවක්!

Date:

ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී (transgender) සහ සමාජභාවී අනන්‍යතාවල විවිධත්වයක් (gender-diverse) පවතින වැඩිහිටි පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සම්පාදනය කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු වරට නිවේදනය කරනු ලැබුවේ ඉකුත් ජූනි මස ය.

ඒ අනුව, මෙම මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කමිටුවක් පත්කොට ඒ සඳහා සාමාජිකයන් ද පත්කර ඇති බව එම සංවිධානය විසින් ඊයේ (04) දින නිකුත්කළ නිවේදනයක දැක්වේ.

මෙම මාර්ගෝපදේශ කමිටුව සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විතවන අතර, වෛද්‍යවරුන්, සංක්‍රාන්ති සමාජභාවී අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රජා නායකයන්, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන්, සහ මානව හිමිකම් නීතීඥයකු මෙම කමිටුවට ඇතුළත් වේ.

ඉකුත් වර්ෂයේ ජූනි මස මෙම කමිටුවට සාමාජිකයන් 14 දෙනෙකු පත්කරනු ලැබූ අතර, ඉකුත් දෙසැම්බර් මස තවත් සාමාජිකයන් සත් දෙනෙකු පත් කර තිබේ.

මෙම නව මාර්ගෝපදේශ මාලාව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ සමාජභාවී අනන්‍යතාවයේ විවිධත්වයක් ඇති පුද්ගලයන් වෙනුවෙන් ගුණාත්මක සහ ගෞරවණීය සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සහ භාවිතය වැඩි කිරීම අරමුණු කරගෙන තිබේ.

මෙම මාර්ගෝපදේශයන් ප්‍රධාන කලාප 05 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව,

  • හෝමෝන නිකුත් කිරීම ඇතුළු සමාජභාවය තහවුරු කිරීමේ සේවාවන් (gender-affirming care),
  • සෞඛ්‍ය සේවාවන් තුළ සමාජභාවී විවිධත්වයක් ඇති පුද්ගලයන්ගේ ඇතුළත්භාවය තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන් සඳහා අධ්‍යාපනය ලබා දීම හා පුහුණු වැඩමුළු පැවැත්වීම,
  • තම අවශ්‍යතා හමුවේ අන්තර්පුද්ගල ප්‍රචණ්ඩත්වයට ලක්වූ සංක්‍රාන්ති සමාජභාවී සහ සමාජභාවී අනන්‍යතාවල විවිධත්වයක් පවතින පුද්ගලයන් හට සෞඛ්‍ය සේවාවන් සැපයීම,
  • සමාජභාවී විවිධත්වයේ ඇතුළත්භාවය (gender inclusivity) පවතින සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සහ
  • ස්වයං-ප්‍රකාශිත සමාජභාවී අනන්‍යතා (self-determined gender identities) සඳහා නීතිමය පිළිගැනීම ලබා දීම ආදිය එම කලාප වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...