ඇමති නලින්දගේ ප්‍රකාශය ගැන කතරගම බස්නායක නිළමේගේ අදහස කියයි. චෝදනාවලටත් පිළිතුරු දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය දා මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවාත කළ මොහොතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය හිතාමතාම රුහුණු මහා කතරගම දේවාලයට අපහාස කිරීම අරමුණු කරගෙන කළ ප්‍රකාශයක් යැයි තමා විශ්වාස නොකරන බව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ මින් ඉදිරියට රජය විසින් කරනු ලබන කටයුතු නිසි පිළිවෙළකට කළ යුතුය යන්න බවත්, තමන්ට එහි ගැටලුවක් නොමැති බවත් පැවසූ ඩිෂාන් ගුණසේකර මහතා තමන් තවත් පස්මහල් ගොඩනැගිල්ලක් මහරගම අපේක්ෂා රෝහලෙහි ඉදිකිරීමට ළඟදීම වැඩ ආරම්භ කරන බවත් ඊට අදාළ අනුමැතිය රජයෙන් ලබාදී ඇති බවත් සඳහන් කළේය.

එසේම කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා වශයෙන් තමන් දේශපාලන චරිතයක් නොවන බවත්, කතරගම පුජා භුමියට පැමිණෙන ඕනෑම රාජ්‍ය නායකයකුට හෝ නායිකාවකට තමා නිසි ගෞරවය ලබා දි, නිසි සත්කාර කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී වංචා සිදුව ඇති බවට එක්තරා පුද්ගලයකු විසින් සමාජ මාධ්‍ය හරහා එල්ල කර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අසාධාරණ බව පැවසූ බස්නායක නිළමේවරයා, තමන් ඊට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කළේය.

සද්භාවයෙන් යුතුව කළ කටයුත්තකදී මෙසේ අසත්‍ය චෝදනා එල්ල කිරීම ඉතාම වැරදි ක්‍රියාවක් බව පෙන්වා දුන් බස්නායක නිළමේවරයා මෙවැනි ක්‍රියා නිසා සිදුවන්නේ මින් ඉදිරියට පරිත්‍යාග සඳහා ඉදිරිපත්වන දානපතියන් අධෛර්යයට පත්වීම බවත් පෙන්වා දුන්නේය.

කතරගම මහා දේවාලයෙහි සියලු ගිණුම් වාර්තා තමන් ප්‍රසිද්ධියට පත්කර ඇති බව පැවසූ ඒ මහතා ඕනෑම කෙනෙකුට ඒවා පරීක්ෂාවට ලක් කළ හැකි බවත් සිහිපත් කළේය.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 05) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...