එක්සත් ජනපදයේ ප්‍රාන්ත හයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දශයක කාලයක් තුළ එක්සත් ජනපදය මුහුණ දෙන බලවත්ම ශිත කුණාටුවට මේ වන විට ඔවුන් මුහුණ දෙමින් සිටින බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේනදය කර තිබේ.

ඒ අනුව මේ වන විට Kentucky, Virginia, West Virginia, Kansas, Arkansas සහ Missouri යන ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර කැන්සාස් සහ මිසූරි හිම කුණාටු අනතුරු ඇඟවීම් යටතේ පවතියි.

හිම කුණාටුව හේතුවෙන් මධ්‍යම එක්සත් ජනපදයේ, දෛනික ජීවිතයට සැලකිය යුතු බාධා ඇතිව ඇති අතර බොහෝ පාසල් වසා දමා ඇත. වාහන පැදවීම සම්බන්ධයෙන් නව උපදෙස් ලබා දී හෝ සමහර ප්‍රදේශවල සම්පුර්ණයෙන්ම නවතා දමා ඇත.


මිසූරි හි ශාන්ත ලුවිස් ගුවන් තොටුපලට විශාල බලපෑමක් එල්ලව ඇති අතර ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාද වී හෝ අවලංගු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...