දකුණු කොරියානු ශ්‍රමික ටිකට්පත් ගැන ජාතික විගණන කාර්යාලයෙන් හෙලිදරව්වක්!

Date:

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක දැක්වෙන්නේ, දකුණු කොරියාවේ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් 3,767ක් පෞද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිලදී ගැනීම හේතුවෙන් එකී ටිකට්පත් සඳහා ශ්‍රමිකයන්ගෙන් රුපියල් මිලියන 122.6ක මුදලක් වැඩියෙන් අය කරගෙන ඇති බවයි.

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් මෙලෙස මුදල් අය කරගෙන ඇති බව හෙළි වී තිබෙන අතර, පෞද්ගලික විදේශීය රැකියා නියෝජිතායතන හතරක් උපයාගෙන ඇති ලාභය රුපියල් මිලියන 94.8 ක් වනවා.ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් රුපියල් මිලියන 27.8ක ලාභයක් උපයාගෙන ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ගුවන් ටිකට්පත් මිල දී ගෙන ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇති අතර, 2023 වර්ෂයේ අගෝස්තු මස 8 වන දින දක්වා කාල සීමාව තුළ දකුණු කොරියාව බලා පිටත්ව යන ශ්‍රමිකයන් වෙනුවෙන් මෙකී ගුවන් ටිකට්පත් පෞද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිල දී ගෙන තිබුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව එක් ටිකට්පතක් සඳහා 1%ත් – 7% ත් අතර වූ උපරිම ලාභාන්තිකයක් තබාගෙන ගුවන් ටිකට්පත් නිකුත් කිරීම කළ යුතු වන අතර, 2023 වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මිල ගණන්වලට වඩා වැඩි මිල ගණන් යටතේ පෞද්ගලික නියෝජිතායතන හරහා ටිකට්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් කටයුතු කර තිබෙන බව සඳහන් වේ. මේ හේතුව නිසා සමාගම වෙත පෙර වර්ෂයේ උපයාගෙන තිබූ ලාභය සියයට 5 සිට සියයට 2.5 දක්වා අඩු වී තිබීම හේතුවෙන් සමාගමට රුපියල් මිලියන 27.1ක අලාභයක් වී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විගණනයෙන් හෙළිව ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...