පරණ පුරුදු වැඩ අවසන්! රජයේ අමාත්‍යාංශ සහ ආයතන වෙත නව චක්‍රලේඛයක්!

Date:

කොළඹ LNW:විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එහි දක්වා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජුව වෙලාවක් වෙන් කර ගැනීම සිදුකරන ආකාරය සම්බන්ධවයි.

එම ක්‍රියාව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු බව නව චක්‍ර ලේඛයේ සඳහන් වෙයි.

ඒ අනුව සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති අතර මෙම ක්‍රියාපටිපාටිය ආණ්ඩුකාරවරු සහ පළාත් අමාත්‍යවරු විසින්ද අනුගමනය කළ යුතු වෙයි.

තවද මෙරට සංචාරයේ නිරත දූත මණ්ඩලය හෝ කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු / දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය හෝ අමාත්‍යවරු මුණ ගැසීමේදී එවැනි හමුවීම් සිදුකළ යුතු සුදුසු මට්ටම් සම්බන්ධයෙන් විදේශ කටයුතු විශය භාර අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත යුතුව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඇතුළු ව තානාපති කාර්යාලවල සහ මෙරට සංචාරයේ නිරත විදෙස් දූත මණ්ඩලවල පහළ මට්ටමේ තනතුරු හොබවන නිලධාරීන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය මුණ ගැසීම සඳහා පහසුකම් සැලසීම් සිදු නොකළ යුතු බවද එම චක්‍රලේඛය මගින් දන්වා තිබේ.
එමෙන්ම විශේෂයෙන් අමාත්‍යාංශ, ආයතන විසින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ සබඳතා මෙන්ම විදෙස් රටවල් සම්බන්ධ කාරණා සම්බන්ධව කිසිඳු ආකාරයක මාධ්‍ය ප්‍රකාශයක් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ ලිඛිත නිෂ්කාශනයක් නොමැතිව නිකුත් නොකළ යුතු බවද එහි දක්වා ඇත.

ඒ අනුව රජයේ අමාත්‍යාංශ,ආයතන පද්ධතිය නිසි ව්‍යුහගත සැලැස්මකට ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...