Sheikh Hasina අත්අඩංගුවට ගැනීමේ දෙවන වරෙන්තුවක්!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තම පාලන කාලය තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චෝදනා මත, බංග්ලාදේශයේ අධිකරණයක් විසින් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමේ දෙවන වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හසීනා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මානව හිමිකම් කඩ කිරීමට එරෙහි අපරාධ චෝදනා මත දැනටමත් නිකුත් කර ඇති බව සඳහන් වේ.

බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධාන අභිචෝදක පවසන්නේ ෂෙයික් හසීනා සහ ඇගේ හමුදා උපදේශක, හමුදා නිලධාරීන් සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතුළු තවත් 11 දෙනෙකුට මෙම නව වරෙන්තුව නිකුත් කර ඇති බවයි.

බංග්ලාදේශ ආරක්ෂක නිලධාරීන් 500 කට අධික පිරිසක් ඇගේ පාලන සමයේදී , පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වන අතර, සමහරු වසර ගණනාවක් රහසිගත සිර කඳවුරුවල රඳවා තබා ඇති බවත් සඳහන් වන අතර, හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු වින්දිතයින් ඔවුන්ගේ දුක්ඛිත අත්දැකීම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...