වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ තීන්දුව අද

Date:

2021 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර රැඳවියන් 8 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව වසර තුනකට අධික කාලයක් තිස්සේ විභාගයට ගැණිනි.

මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ සහ විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් 10 වනදා මහාධිකරණ විනිසුරු මඬුල්ල පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවල පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් ඒ පිළිබඳව පුළුල් ලෙස අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බවත් නඩුවේ තීන්දුව 2022 ජනවාරි 06 වනදා ප්‍රකාශයට පත්කරන බවත්ය.

ඒ අනුව අද දිනයේදී එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...