Saturday, October 8, 2022

Latest Posts

ලොවෙන් පැසසුම් – රටෙන් ගැරහුම්

හරිත කෘෂිකර්මය පිළිබඳ සංකල්පය හා වැඩසටහන් ඉතා ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත කිරීමේ වුවමනාව බුද්ධිමත් පාලකයන්ට තිබේ. එය කෙතරම් ද යත්; අප්‍රිකානු රාජ්‍යයන් බොහොමයක් මේ වන විට හරිත කෘෂිකර්මයට යොමු වී සිටිති. ඉතියෝපියාව ද ඒ අතර වෙයි.

කාර්මිකකරණයට ලක් වූ සුවිශාල වාණිජ වගාවන් ප්‍රධාන පාරිසරික ගැටලු කිහිපයකට වගකිව යුතු බව පිළිගනු ලැබේ. දේශගුණික විපර්යාස, ජලමූලාශ්‍ර සිඳී යෑම, ජල දූෂණය, පස නිසරුවීම හා වන විනාශය ඒ අතර ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත. සත්ත්ව ප්‍රජාවගේ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපාන ප්‍රධාන ගෝලීය ගැටලුව දේශගුණික විපර්යාස ලෙස සලකනු ලැබේ. ග්ලැසියර් තට්ටු ශීඝ්‍රයෙන් දිය වී යෑම හේතුකොට දූපත් රාජ්‍යයන් මුහුදුබත් වීම අප හමුවේ ඇති ප්‍රධාන තර්ජනයකි.හරිත කෘෂිකර්මයෙහි මූලික අදහස වන්නේ මිහිතලය රැකගෙන සත්ත්ව ප්‍රජාව ජීවත් කරවීමය. ඒ සඳහා පරිසර හිතකාමි හා මිනිසාට ඔරොත්තු දෙන කෘෂිකර්මයක යෙදිය යුතු බව පිළිගත් මතය වෙයි.

මෝල්තස්ගේ න්‍යායට අනුව වැඩි වන ජනගහනයට අවශ්‍ය ලෙස ආහාර නිෂ්පාදනය දෙගුණ කළ යුතුය. එහෙත් එය සිදු විය යුත්තේ මිනිසා මිහිතලය හා අනෙකුත් සත්ත්ව ප්‍රජාව සුරක්ෂිත වන ආකාරයෙන්ය. මහා පරිමාණ වෙළෙඳාම සඳහා නිෂ්පාදනය කරන ආහාර භෝගවල විෂ රසායන බහුලය. වැඩිවැඩියෙන් රසායනික පොහොර හා කෘමිනාශක යෙදීම නිසා ආහාර භෝග පමණක් නොව; අප වටා ඇති පරිසරයත් විෂ රසායනවලින් පිරී යයි.

එය සත්ත්ව ප්‍රජාවගේ පැවැත්මට ඍජු බලපෑමක් සිදු කරයි. අනාගතයේ සෑම රාජ්‍යයකටම පාහේ හරිත කෘෂිකර්මයට යොමු වීමට සිදු වනු ඇත.ශ්‍රී ලංකාවේ හරිත කෘෂිකර්මය පිළිබඳ වැඩසටහනට ලෝක පැසසුම් ලැබුණ ද රට තුළින් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැත. බොහෝ දෙනෙක් එය විවේචනය කරති. තව පිරිසක් එය කඩාකප්පල් කිරීමට උපරිමයෙන් ක්‍රියා කරති. කාබනික වගාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ආරම්භ කළ ව්‍යාපෘතියට යුරෝපීය රාජ්‍යයන් මෙන්ම මැද පෙරදිග රාජ්‍යයන් ද සහයෝගය දීමට ඉදිරිපත් වී සිටියි. එහෙත් රජයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ සහාය ඊට ලැබී නැත. නිලධාරීන්ගේ සහාය ද ඊට ලැබී නැත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පවා එය විවේචනය කරන තැනක සිටිති. හරිත කෘෂිකර්මය පිළිබඳ ප්‍රතිපත්තිය හා එම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ හා තවත් කිහිප දෙනකුගේ කැපවීම මත යැයි කිව හැකිය.රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කළත් ඒවා නිසි ලෙස බෙදා හරින්නේ නැත. ගොවියන් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට නිලධාරීන් ඉදිරිපත් වන්නේ ද නැත.

මාකඳුරේ හා මහඉලුප්පල්ලමේ කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතන තුළ කාබනික පොහොරවල නයිට්‍රජන් ප්‍රමාණය මැන බලන යන්ත්‍ර දෙකක් තිබේ. ඒ දෙකම ක්‍රියා විරහිතය. ඒවා රෙපයාර් කිරීමට මෙතෙක් කිසිදු නිලධාරියකු ඉදිරිපත් වී නැත. නිලධාරීන් කාබනික වගාව කෙරෙහි දක්වන උනන්දුව එයින් පැහැදිලි වෙයි. අඩුම ගණනේ මේ යන්ත්‍ර පිළිබඳ දැනුම් දීමක් ජනාධිපතිවරයා වෙත යොමු කළේ නම් ඒවා වහා පිළිසකර කෙරෙනු ඇත.ජනමාධ්‍යවලින් බොහොමයක කාර්යභාරය වී ඇත්තේ කාබනික වගාවට දිගටහරහට පහර දීමය. කාබනික වගාව සාර්ථක වූ ස්ථාන ඇතැම් රූපවාහිනීවලට පෙනෙන්නේම නැත. හරිත කෘෂිකර්මය පමණක් නොව යුද්ධයක් වුව ජයග්‍රහණය කිරීමට නම් සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය වේ.

#ඇත්ත Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.