KFC වෙතින් ‘වෙජිටේරියන් චිකන් ‘!

KFC සමාගම, කුකුළු මස් රහිත කුකුළු මස් මීල්ස් අලෙවිය නිල වශයෙන් අරඹා තිබේ. ඒ, Beyond Fried Chicken’ තේමාව යටතේ ය.2019 වසරේදී ෆ්‍රයිඩ් චිකන් සැන්ඩ්විචස් උන්මාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමෙන් පසුව KFC සමාගම මේ වන විට 2022 වසරේ ලොව පුරා උන්මාදනීය ප්‍රවණතාවයක් ඇති කිරීමට සැරසෙන්නේ වෙජිටේරියන් ෆ්‍රයිඩ් චිකන් සමගිනි.

මෙම වෙජිටේරියන් ෆ්‍රයිඩ් චිකන්වල කිසිසේත්ම මේදය අඩංගු නොවන බවත්, වසර 2 ක පර්යේෂණවලින් පසුව මෙම නිපැයුම එළිදකින බවත් සමාගම පවසයි. මෙය සීමිත කාලයක් සඳහා මුලින් හඳුන්වා දෙන බව ද සමාගම පවසයි.

KFC හෙවත් Kentucky Fried Chicken සමාගම Beyond Meat සමග එක්ව ඊයේ දිනයේ නිවේදනය කළේ ඇමරිකාව පුරා සිය ශාඛාවන්ගෙන් ජනවාරි 10 සිට මෙය මිලදී ගත හැකි බවයි.

plant-based chicken හෙවත් වීගන් චිකන් ලොවට හඳුන්වා දීමේ ගෞරවය මේ සමග KFC සහ Beyond Meat සමාගම් වෙතට හිමි වේ.

සාමාන්‍ය චිකන් නගට් වල මිලටම මෙය ලබාදීමට සූදානම් ය. මෙයින් සාමාන්‍ය කුකුළු මස් රසයම ලැබෙන බවත්, එයට අමතරව පෝෂණ ගුණයෙන් ද වඩා ඉහළ බවත් ඔවුහු කියති.

පසුගිය වසරේදී Burger King සමාගම, Impossible Foods සමග එක්ව මෙවැනිම ශාක පදනම් කරගත් චිකන් බර්ගරයක් අත්හදා බලමින් සිටින බව පැවසුවත් අනතුරුව එම ව්‍යාපෘතිය නිහඬ වූ බව‌ පෙනෙන්නට තිබිණි.

අන්තර්ජාලයේ පළ වන තොරතුරුවලට අනුව KFC සමාගමේ චිකන් නිපැයුම් සඳහා ලොව පුරා කුකුළන් බිලියන 50 ක් පමණ මරා දමනු ලබයි.

OUTBOUNDTODAY – AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...