ඉතිහාසයේ පළමු වතාව CSE 2022

Date:

2022 වසරේ ආරම්භක සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළහි ඉතිහාසයේ වැඩිම අගයක් වාර්තා වී තිබේ. එමෙන්ම සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ මුල් වතාවට ඒකක 13,000 අගය ඉක්මවා ගොස් ඇත.

ඉකුත් වසරේ කොළඹ කොටස් වෙළඳපොළ 80% ක වර්ධනයක් අත් කර ගෙන ඇත. මේ වසර ආරම්භයේ දී එය තවත් ඉහළ යන ලකුණු පෙන්නුම් කරයි. ආයෝජකයන් වැඩි පිරිසක් කොටස් වෙළඳ පොළ වෙත යොමු වීම වත්මන් සාධනීය තත්ත්වයට හේතුව බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.සියලු කොටස් මිල දර්ශකය පළමු වරට ඒකක 13,000 ඉක්මවා ගොස් ඒකක 13,076 ක් හැටියට දවස අවසානයේ දී සටහන් වූ අතර SNPSL20 යන මිල දර්ශකය එනම් තෝරා ගත් සමාගම් 20 ක් අඩංගු මෙම මිල දර්ශකය 4480 ක් ලෙස දවස අවසානයේ සටහන් වී ඇත.

ඒ අනුව එකම දවසක් ඇතුලත සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව මෙසේ සිදු වූ අතර එය වාර්තාගතවී ඇති අතර දිනය තුළ ගනුදෙනු 86,321 ක් ක්‍රියාත්මක වී ඇති අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණ අගය ලෙස රුපියල් ට්‍රිලියන 5.8 ක් ලෙස සටහන් විය .2022 ජනවාරි මාසයේ පළමු දවස් 03 සලකා බැලුවහොත් දිනකට පිරිවැටුම රුපියල් බිලියන 12ක් ඉක්මවා ගොස් ඇති අතර මෙම දවස් තුන ඇතුලත පමණක් සියලු කොටස් මිල දර්ශකයෙහි 6.9% ක එනම් 7% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

SNPSL20 මිල දර්ශකයේත් 5.8% ක වර්ධනයක් සටහන් කර ඇත. ඒ අනුව පෙනී යන්නේ 2022 වර්ෂයේ කොටස් වෙළඳපොළ හොඳ ආරම්භයක් සිදු වී ඇති බවයි .එය මුලු වර්ෂයටම ආශිර්වාදයක් බව පැහැදිලිය .

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...