සටහන – රුවන් නෙළුගොල්ල
වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එහි තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එම නිවේදනය පහතින් දැක්වේ.



