ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: අයවැය මඟින් ව්‍යාපෘති සඳහා වෙන කර ඇති මුදල් නිසි පරිදි යෙදවීමට නම් අදාළ කාර්යයන් නොකෙරෙන දිශාවෙන් නොව කෙරෙන දිශාවෙන් බලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) අමාත්‍යාංශ ලේකම්වරු වෙත අවධාරණය කළේය.
ඒ, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ජාවේදීය.
සමාන්‍යයෙන් රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී පමණක් නොව පුරවැසියෙක් ප්‍රශ්නයක් හෝ යෝජනාවක් රැගෙන ආවත් වැඩි ප්‍රවණතාව ඇත්තේ නොකෙරෙන දිශ්වට වන අතර එය රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපතිවරයා පැවසීය.
ප්‍රාග්ධන වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බවද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන විස්තීර්ණ ණය පහසුකම තුළ පවතින සීමාවන් අනුව වැය කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදනයෙන් 13%ක් වැනි ප්‍රමාණයක් බවත්, එයින් අවම 4%ක්වත් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවත්ය. ඒ අනුව අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ ‘රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව’ යන පදනමින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ ප්‍රධානම ආයෝජකයා රජය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1400ක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
”දැන් භාණ්ඩාගාරයට තියෙන ප්‍රශ්නය තමයි මුදල් ඉල්ලන්නේ නැහැ. සමහර ඉල්ලපු මුදල් මේ දෙසැම්බර් 31 ආපහු එවල තියෙනවා. ඒ නිසා මෙතන කිසිසේත්ම මුදල් හිඟ වීම පිළිබඳව, මුදල් පමා වීම පිළිබඳව ගැටළුවක් පැන නැගල නැහැ. තව ගැටලුවක් පන නගිනවා සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට අනෙකුත් රාජ්‍ය ආයතන විසින්ම ඒකට බාධා ඇති කරනවා. අනෙක් පැත්තෙන් අපි දන්නවා අපේ රාජ්‍ය සේවයේ පැතිරී තිබෙන කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්නය. අපි බොහෝ දුරට දැ කල තියෙනවා වැඩේ කෙරෙන දිශාවට වඩා නොකෙරන දිශාවට යොමුවීම. වැඩි ප්‍රමාණයක් උත්සාහය තියෙනේ ගැටළු හේතු කරගෙන නොකෙරෙන්න වෙන තත්ත්වයක්. එම නිසා ඔඅබතුමන්ලට වගකීමක් තියෙනවා අපි වෙන් කරලා තියෙන මුදල් ඒවා නිසි පරිදි යෙදවීමට නම් කරන දිශාවෙන් ප්‍රශ්නය දෙස බලන්න.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

