පාට හතරේ සංචිත නම් කෙරේ

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 06, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන Women’s NSL T20 2026 තරගාවලිය සඳහා නම් කරන ලද කොළ,අළු,නිල් සහ රතු පැහැති කණ්ඩායම්වල ක්‍රීඩිකා සංයුතිය ප්‍රකාශයට පත් කර ඇත.එහිදී කොළ කණ්ඩායමේ නායකත්වය හසිනි පෙරේරාටත්,අළු කණ්ඩායමේ නායකත්වය විශ්මි ගුණරත්නටත්,නිල් කණ්ඩායමේ නායකත්වය හර්ෂිතා සමරවික්‍රමටත් සහ රතු කණ්ඩායමේ නායකත්වය චමුදි ප්‍රබෝධාටත් ලෙස පිරිනමා ඇත.


මෙම කණ්ඩායම් සංයුතිය විමසා බලද්දී තේරීම් කමිටු සාමාජිකා රසාංජලී ද අල්විස්ගේ දියණිය විටිනි ද අල්විස් ද කොළ කණ්ඩායමේ දකින්නට ඇත.ශ්‍රි ලංකා පිරිමි කණ්ඩායම නියෝං=ජනය කළ ක්‍රීඩකයෙකු වන ගයි ද අල්විස් විටිනිගේ පියා වන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය දුන් සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ මුහුණ දී ඇති එකම ටෙස්ට් තරගයේ දී නායිකාව ලෙස කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ රසාංජලී ඇයගේ මවය.විටිනිගේ මව ලෙස නොව ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස රසාංජලී තේරිම් කමිටුවට සෑම අතින්ම සුදුසු වන අතර එහෙත් ඇයගේ දියණිය ක්‍රීඩිකාවක ලෙස සිටියදී මව තේරීම් කමිටුවේ සිටීම සදාචාරසම්පන්න නැත.ඒ අනුව රසාංජලී තේරීම් කමිටු සාමාජිකාවක ලෙස නොසිට වෙනත් ක්‍රිකට් සම්බන්ධ වගකීමක් දැරීම සිය දියණිය ගැන සිතන මවක් ලෙස ගත යුතු පියවරක් වන අතර විටිනි ද ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවක ලෙස දක්ෂතාවයන් අතින් පසුපසින් සිටින ක්‍රීඩිකාවක් නොවේය.


එහෙත් විටිනිගේ දක්ෂතාවයන්ට නිසි ඇගයීමක් සහ ගෞරවයක් ලැබීමටනම් අම්මා කෙනෙකු ලෙස පාදයක් පසුපසට ගැනීම රසාංජලීගේ යුතුකම වන්නීය.එසේ නොවී දුවට ලැබෙන අවස්ථාවන්වලට ලැබැඳියාවන් සම්බන්ධ කතාවන් ගෙතීම වැළක්වීම මවක් ලෙස ඇයගේ යුතුකමක් වන අතර මේ තත්ත්වය දැන් වෙනස් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැවරෙන කාර්යයක් නොවන අතර තේරීම් කමිටුව වෙනස් කිරීම හෝ අලුත් කිරීමේ වගකීම පැවරෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටය.නිවැරදි ප්‍රමිතියට මෙට්ට නැති බව එයින් ක්‍රීඩකයන්ට අත්වන ඉරණම දන්නා පුහුණුකරුවෙකු මාධ්‍යයට ප්‍රකාශ කළ විට,ආණ්ඩුව පිහිටුවීම සඳහා සුගත් තිලකරත්නගේ දේශපාලන ව්‍යාපාරය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ පුහුණුකරු පොලීසියට කැඳවාගෙන යන අමාත්‍යවරයා,ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ මවක් තේරිම් කමිටුවේ සිටීම සම්බන්ධයෙන් පළවන පුවත්වලට කිසි අවධානයක් යොමු කරන්නේ නැත.


කෙසේ වුවත් මෙම කණ්ඩායම්වලට නායිකාවන් නම් කිරීමේදී පරම්පරා දෙකකට ඉඩ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියා කර ඇත.ඒ අනුව තිස් හැවිරදි හසිනි පෙරේරා සහ 27 හැවිරිදි හර්ෂිතා සමරවික්‍රමටත් ඊට පසු පරම්පරාවේ 20 හැවිරිදි විශ්මි ගුණරත්නටත්,16 හැවිරිදි චමොද් ප්‍රබෝධාටත් නායකත්වයන් පිරි නමා ඇත.එසේම තරුණ ක්‍රීඩිකාවන්ට වැඩි ඉඩක් ලබා දීමට අවධානය යොමු කර ඇති අතර ඒ අනුව මේ සංචිත හතරේ ඉනෝකා රණවීර,අනුෂ්කා සංජීවනි වැනි ක්‍රීඩිකාවන් දකින්නට නැත.අධ්‍යාපන කාර්යයක් නිසා මේ සංචිතවලට එක් නොකළානම් හැරෙන්නට මේ අතර සිටිය යුතුම ක්‍රීඩිකාවක් වන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායිකාව වන මනුදි නානායක්කාරය.

කොළ කණ්ඩායම
හසිනි පෙරේරා – නායකයා
ලිහිණි අප්සරා
නිලක්ෂි ද සිල්වා
නෙත්මි සේනාරත්න
මල්ෂා ෂෙහානි
විටිනි ද අල්විස්
පියුමි වත්සලා
නිමේෂා මධුෂානි
කාව්‍යා කාවින්දි
රශ්මි නෙතාංජලී
රශ්මි සිල්වා
රිෂ්මි සංජනා
හරිනි පෙරේරා
අයේෂා කීර්තිරත්න
දේවගී ජෙගනාදන්

අළු කණ්ඩායම
විශ්මි ගුණරත්න – නායකයා
හසිනි ඉන්ද්‍රජිත්
සුමුදු නිසංසලා
කවීෂා දිල්හාරි
හංසිමා කරුණාරත්න
සුබද්‍රා සවානි
සදුනි නිසංසලා
තාරුකා ෂෙහානි
ඉමේෂා දුලානි
තාරිකා සෙව්වන්දි
මල්කි මදාරා
හිරුණිකා නුවන්තනා
චමරි ලක්ෂානි
සෙව්මිණි ශෂිකලා
මල්ෂි නිරාෂා

නිල් කණ්ඩායම
හර්ෂිතා සමරවික්‍රම – නායකයා
සඳලි වීරසිංහ
කෞෂිනි නුත්‍යංගනා
ඉමල්කා මෙන්ඩිස්
දෙව්මි විහඟා
අමා කාංචනා
සචිනි නිසංසලා
සත්‍යා සංදීපනී
චේතනා විමුක්ති
ශයනි සේනාරත්න
රන්දි ප්‍රේමරත්න
යසන්ති හේරත්
ශනිල්කා සත්‍යාංගනී
හිරුණි හංසිකා
නෙත්මි සංජනා

රතු කණ්ඩායම
චමුදි ප්‍රබෝධා – කැප්ටන්
විමෝක්ෂ බාලසූරිය
සංජනා කාවින්දි
උමයංගනා පීරිස්
නෙතගී ඉසුරාංජලී
ශෂිනි ගිම්හානි
ප්‍රමුදි මෙත්සරා
ලිමන්ෂා තිලකරත්න
අශේනි තලගුණේ
නෙත්මි උපේක්ෂා
චමෝදි හේරත්
රශ්මිකා සෙව්වන්දි
දනෝද්‍යා සෙව්මිණි
මිතාලි අයෝද්‍යා
දාරියා දිසානායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...