ට්‍රම්ප්ගේ තීරණය සහ බොරතෙල් මිලේ අඳුරු සෙවනැළි…

රෂිකා හෙන්නායක ජනවාරි 06: කොළඹ LNW :

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් නිසියුලාව ගැන ගත් තීරණය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල නොකරනු ඇතැයි විශේෂඥයෝ පවසති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙනිසියුලාවේ බොරතෙල් යටිතල පහසුකම් සංවර්ධනයට, බොරතෙල් නිෂ්පාදනයට සහ අපනයනයට ඇමෙරිකානු ඉන්ධන සමාගම් හරහා මුදල් ආයෝජනය කරන බව මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව ට්‍රම්ප් පවසා තිබෙන බවයි .

නමුත්, වෙනිසියුලාවේ ක්‍රියාත්මක එකම ඇමෙරිකානු බොරතෙල් සමාගම වන Chevron සමාගම සහ ,ExxonBMobil ,ConocoPhillips සමාගම් මේ සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට දත්ත වාර්තා අනුව අද වනවිට වෙනිසියුලාව සතුව ගෝලීය බොරතෙල් සංචිතයෙන් සියයට 17ක් පවතී.

පසුගිය කාලසීමාවේදී ඇමෙරිකාවෙන් එල්ල වූ සම්බාධක හේතුවෙන් එම බොරතෙල් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදුව නැත.අද වනවිට එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියනයක් වන අතර, ඉන් අපනයනය කරන්නේ අඩක් පමණකි.

1970 දී එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බොරතෙල් බැරල් මිලියන 3.5කි.

ඒ අනුව වෙනිසියුලානු නව පාලනය ගනු ලබන තීරණයට අනුව දැනට පවතින පහසුකම් අනුව බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අපනයන ඉහළ නැංවීම හරහා මැදි කාලීනව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වීමේ හැකියාවක් ඇති බව, විශේෂඥයෝ පවසති

පසුගිය වසරේදී පමණක් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සියයට 19කින් පහත වැටුණු බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...