පොලීසියට තවත් සැලකිලි – මුදල්වලට ගෙවල් ගන්නත් කැබිනට් අනුමැතිය!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද ‘Harbour View Residencies’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධරයන් සඳහා නිවාස ඒකක ලබා දීමේ අරමුණ ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ 13, සිරිල් සී පෙරේරා මාවතේ නිවාස ඒකක 452කින් යුතු මහල් 14කින් සමන්විත ‘Harbour View Residencies’ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පොලිස් කොට්ඨාසයන්හි සේවයේ නියුතු නිලධරයන්හට නිල නිවාස ප්‍රමාණවත් පරිදි ලබා දී ඔවුන්ගෙන් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව එකී නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරඇත.

එම නිවාස සඳහා ප්‍රමාණවත් වාහන නැවතුම් පහසුකම් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරවා ගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...