*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දසුන්ගෙන් දිනන හැටි නිදසුන්

ඉන්දියාවට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 16 න් ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 206 ක ඉලක්කයට සෙමින් ළඟා වෙමින් සිටි ඉන්දියාවට අවසන් පන්දු ඕවරයේ ජයග්‍රහණයට අවශ්‍යය වූයේ ලකුණු 20 ක්.ඒ වන විට ප්‍රහාරාත්මක ඉණිමක් ක්‍රිඩා කරමින් සිටි අක්ෂාර් පටෙල් මෙන්ම ඔහුට හොඳ සහයක් එකතු කරමින් සිටි ශිවම් මාවි ද කඩුල්ලේ නොදැවී සිටියා.එම අවස්ථාවේදී අවසාන පන්දු ඕවරය යැවීමට දැඩි ප්‍රහාරයකට ලක් ව සිටි වනිඳු හසරංග කැදවීම වෙනුවට වගකීම සියතට ගත් දසුන් ශානක පන්දු යැවීමට පිවිසියා.ඔහුගේ තෙවන පන්දුව ලෝන්ග් ඕන් කළාපයෙන් හයේ සීමාවේ පතිත කරන්නට ගත් උත්සාහය අතර මැදදි චාමික කරුණාරත්නගේ සුරක්ෂිත දෑතින් වළක්වා ගත් නිසා පන්දු 31 දී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සහිතව ලකුණු 65 ක් ලබා සිටි පටෙල්ගේ ඉණිම අවසන් වුණා.ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු වුණා.


පළමු තරගයේදී හොඳින් පන්දුවෙන් දස්කම් දැක් වූ ශිවම් මාවි මෙම තරගයේදී තමන්ට පිත්ත ද විශ්වාස බව සනාත කරමින් පන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 15 දී ලැබූ ලකුණු 26 ඉණිම ඉන්දියාවට නියමිත පන්දු වාර් 20 අවසාන පන්දුවේදී නිමා වුණා.ඒ දසුන් ශානකගේ පන්දුවකට මාවි, මහේෂ් තීක්ෂණ අතට උඩ පන්දුවක් ලබා දුන් නිසා.ඒ අනුව ලකුණු 206 ක ඉන්දීය ඉලක්කය ලකුණු 190 ට සීමා වුණේ දසුන් ශානක තමන් විසින් භාරගත් අවසන් ඕවරයේ අභියෝගය ලකුණු 4 ට කඩුලු 2 ක් ලෙස අවසන් කරමින්.
ඉන්දීය ඉණිම ලකුණු 206 දක්වා රැඟෙන යාම ගත් උත්සාහයේ පළමු හැරවුම සකස් කළේ කසුක් රාජිත යි.පළමු තරගයේදී දැඬි ප්‍රහාරයකට ලක් වූ කසුන් රාජිත මේ තරගයේ දී ඉන්දීය පිති බැඳ තැබුවා පමණක් නොව ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාට ලකුණු පූවරුව 21 වෙද්දී නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගන්නට ඉඩ සකස් කළා.ඔහු තරගය නිමා වෙද්දී පන්දු ඕවර් 4 ලකුණු 22 ට නිමා කර කඩුලු දෙකකට වග කියා තිබුණා.


නමුත් ලකුණු තත්ත්වය කඩුලු 5 ට ලකුණු 57 ක් වූ තැන දී එකතු වූ සූරියකුමාර් යාදෙව් සහ අක්ෂාර් පටෙල් ශ්‍රී ලංකාවෙන් තරගය උඳුරා ගන්නට විශාල වෙහෙසක් ගත්තා.ඔවුන් දෙදෙනා පන්දු 40 දී හයවන කඩුල්ලට ලකුණු 91 එකතු කරා.හයවන කඩුල්ල ලෙස ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවකට වනිඳු හදරංග අතට උඩ පන්දුවක් දී පන්දු 36 දී ලකුණු 51 ක් ගෙන සූරියකුමාර් යාදෙව් ඉවත්වන විට ලකුණු පූවරුව 148 ක් ව තිබුණා.ජයග්‍රහණයට ලකුණු 59 ක් පිටුපසින් සිටි ඉන්දියාවට ඒ සඳහා පන්දු 25 ක් ඉතුරුව තිබුණා.
නමුත් සිය අවසන් පන්දු ඕවරය ද පාලනයකින් යුතුව යොමු කළ කසුන් රාජිත ඉන්දීය කණ්ඩායමට තව දුරටත් ජයග්‍රහණයේ ඉලක්කය අසීරු කළා.වනිඳු හසරංග නම් ජාත්‍යන්තර අවධානයට පත්, විස්සයි විස්ස ශ්‍රී ලංකාවේ අංක එකේ පන්දු යවන්නාට එක් පන්දු ඕවරයකටහයේ පහර හතරක් සමඟ ලකුණු 26 ක් ලබා ගනිමින් තරගයේ ගමන් දිශාව වෙනස් කරන්නට පටෙල් සහ යාදෙව් සමත් වුණ ද,ශ්‍රී ලංකාව එම පීඩනය ඉවසමින් අවසාන මොහොතේදී දසුන් ශානකම ඉදිරිපත් වෙමින් ඉන්දීය ජයග්‍රහණය නවතා දැමුවා.
මේ ජයග්‍රහණයට වඩාත් වැදගත් වූයේ තරගයේ ආරම්භක ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු රැස් කළ ආකාරයයි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරග ජය ගන්නට පසුගිය කාලයේ වඩාත් වැදගත් වූ ආරමභක කඩුල්ලේ සබඳතාවය මේ තරගයේදී ශ්‍රී ලංකාවට ලැබුණා.කුසල් මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංක පළමු කඩුල්ලට ලකුණු 80 ක් එකතු කරනු ලැබුවා.කුසල් පන්දු 31 දී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟ ලකුණු 52 ක් රැස් කර ගත්තා.භානුක රාජපක්ෂ මේ තරගයේදීත් අසාර්ථක වුණා.පැතුම් නිශ්ශංක තරගය අල්ලාගෙන සිටින්නට දායක වෙමින් පන්දු 35 න් ලකුණු 33 ක් එකතු කරනු ලැබුවා.චරිත හසලංකගේ දායකත්වය පන්දු 19 ට හයේ පහර 4 ක් සමඟ ලකුණු 37 ක් වුණා.
අනතුරුව ශ්‍රී ලංකාවේ මැද පෙළ ශක්තිමත් සබදතා සුසංයෝජනය ඊයේත් හොදින් පෑහෙන්නට ගත්තා.දසුන් ශානකගේ ප්‍රවේගත්වයට පාර විවර කර දෙමින් හොඳ සහයක ඉණිමකින් පන්දු 10 ක් තුළ ලකුණු 11 ක් ලැබූ චාමික කරුණාරත්න සහ දසුන් ශානක හත්වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 68 ක් එකතු කළා.එහි දසුන් ශානකගේ දායකත්වය පන්දු 22 දී නොදැවී ලකුණු 56 ක්.එයට හයේ පහර 6 ක් සහ හතරේ 2 ක් එකතුව තිබුණා.චාමිකගේ සහ දසුන්ගේ සබඳතාවය සඳහා වැය වූයේ පන්දු 24 ක් පමණයි.මේ සබඳතාවය හරහා ශ්‍රී ලංකා ඉණිම ලකුණු 206 දක්වා රැඟෙන යාමේ දී මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර සමව බෙදා ගෙන සිටි වේගවත්ම විස්සයි විස්ස ශ්‍රී ලංකා අර්ධ ශතකයේ හිමිකම දසුන් ශානක පවරා ගත්තා.මහේල සහ සංගක්කාර පන්දු 21 න් අර්ධ ශතක රැස් කර තිබූ අතර ඊයේ දසුන්ගේ අර්ධ ශතකය ගලාගෙන ආවේ පන්දු 20 ක් තුළයි.


ගෙවුණු තරග 5 දී දසුන් ඉන්දීය කණ්ඩායමට ප්‍රහාරය එල්ල කර ඇති ආකාරය විශිෂ්ඨයි.සාමාන්‍ය 255 ක් පමණ වන දසුන්ගේ ප්‍රහාරයන් මේ ඉණිම් පහ ඇතුළත දැවීමකින් නවතා ගන්නට හැකිව ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි.ඒ ගෙවුණු පළමු විස්සයි විස්ස තරගයේදී දසුන් ලකුණු 45 ට දැවී ගියා.අවසාන ඉණිම පහ තුළ ඔහු ඊයේ වාර්තා කළේ සිය දෙවන අර්ධ ශතකයයි.ඔහු මීට පෙර පන්දු 38 ක් තුළ නොදැවී ලකුණු 74 ක් රැස් කර තිබෙනවා.මේ ඉණිම පහේදී ඔහු ලබා ඇති අඩුම ලකුණු සහිත ඉණිම නොදැවි 33 ක්.ඒ පන්දු 18 දී ලැබූ ලකුණු ප්‍රමාණයට අමතරව පන්දු 19 දී නොදැවී ලකුණු 47 ක් ලබා ගත් අවස්ථාවේ සමහර විට තව පන්දුවකට පහර දීමට ඔහුට ඉඩ තිබුණානම් වේගවත් ලාංකේය අර්ධ ශතකය එදා වාර්තා වන්නටත් තිබුණා.කෙසේ හෝ මේ ඉණිම පහේදී වැදගත්ම කාරණය දසුන් පන්දු 124 කට පමණක් මුහුණ දී මෙම ලකුණු 255 රැස් කරමින් ප්‍රහාරක වේගය 206 ට ආසන්නව පවත්වා ගෙන යාමයි.
මෙම තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් අතරින් උම්රාන් මලික් ලකුණු 48 ක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තා.අක්ෂාර් පටෙල් කඩුලු 2 ක් ලබා දුන්නේ ලකුණු 24 ක් පමණක් ලබා දෙමින්.ඉන්දීය පන්දු බල ඇණියේ සිටි මෑතකාලීන විශේෂ දක්ෂතා ප්‍රකට කර ඇති අර්ශදීප් සිං පන්දු ඕවර් 2 ක් තුළ ශ්‍රී ලංකාවට ලකුණු 37 ක් ලබා දුන්නා.එහිදී ඔහු සිය පන්දු යැවීමේ පියවර නිවැරදිව සටහන් කර නොගැනීම නිසා නිපන්දු පහක්ම සිය පන්දු යැවීමට එකතු කර ගනු දකින්නට ලැබුණා.

ලකුණු පූවරුව
https://www.espncricinfo.com/series/sri-lanka-in-india-2022-23-1348629/india-vs-sri-lanka-2nd-t20i-1348641/full-scorecard

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan