Grammy Lifetime Achievement සම්මානලාභීන් අතරට ආ “ඩිස්කෝ රැජින” – Donna Summer

0
120
American singer Donna Summer performing at 'The Music for UNICEF Concert: A Gift of Song' benefit concert held at the United Nations General Assembly in New York City, 9th January 1979. (Photo by Michael Putland/Getty Images)

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෙකෝර්ඩින්ග් ඇකඩමිය (Recording Academy) විසින් පවත්වනු ලබන 2024 Lifetime Achievement Award, Trustees Award, Technical Grammy Award සහ සමාජ විපර්යාස සඳහා හොඳම ගීතය උදෙසා සම්මාන ලබා දීමේ විශේෂ කුසලතා සම්මාන උළෙලක් මෙම වසරේ ග්‍රැමී සතිය තුළ පෙබරවාරි 3 වන දින විල්ෂයර් ඊබෙල් රඟහලේදී පැවැත්වීමට නියමිතය.

මෙහි දී Donna Summer ඇතුළු Laurie Anderson, the Clark Sisters, Gladys Knight, N.W.A, සහ Tammy Wynette යන අයවලුන්ට 2024 Recording Academy Lifetime Achievement Award ගෞරව සම්මාන ලැබීමට නියමිතය.

“Donna Adrian Gaines” වෘත්තීයමය වශයෙන් Donna Summer ලෙස හඳුන්වනු ලබන අතර, ඇය ඇමරිකානු ගායිකාවක් සහ ගීත රචකයෙකි. 70 දශකයේ ඩිස්කෝ යුගයේ ප්‍රමුඛත්වය ලබා ගත් ඇය “ඩිස්කෝ රැජින” ලෙස ප්‍රසිද්ධියට පත් විය.

එමෙන්ම Peter Asher, DJ Kool Herc සහ Joel Katz යන අය Trustees Award සම්මානලාභීන් වේ; ටොම් කොබයාෂි සහ ටොම් ස්කොට් Technical Grammy Award හි සම්මානලාභීන් ය; Gerald Eaton (a.k.a. Jarvis Church), K’naan සහ Steve McEwan විසින් ලියන ලද “Refugee”, සමාජ විපර්යාස සඳහා හොඳම ගීතය සම්මානයෙන් පිදුම් ලබයි.

Lifetime Achievement Award සම්මානලාභීන්ට උපහාර දැක්වීම සම්බන්ධයෙන් රෙකෝර්ඩින්ග් ඇකඩමිය මෙවර ගෞරවයට පාත්‍ර වන බවත්, ලොව පුරා පරම්පරාවන් කිහිපයක විශිෂ්ට නිර්මාණකරුවන් සහ කර්මාන්ත වෘත්තිකයන් සමූහයක් මෙහිදී එක් රොක් වන බවත් රෙකෝර්ඩින්ග් ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී හාවි මේසන් ජූනියර් පැවසීය.