උතුරු කොරියානු මිසයිල ප්‍රහාර සමඟ කොරියානු අර්ධද්වීපයේ නොසන්සුන්තාවක්!

රෂිකා හෙන්නායක මාර්තු 14 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වන වාර්ෂික සමූහ හමුදා අභ්‍යාසවලට විරෝධය පළ කරමින් උතුරු කොරියාව සිය බටහිර වෙරළ තීරයෙන් බැලැස්ටික් මිසයිල දහයක් පමණ ප්‍රහාරාත්මකව දියත් කර තිබේ.

මෙම මිසයිල කිලෝමීටර් 340 ක පමණ දුරක් ගමන් කර කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදට පතිත වී ඇති අතර, ඉන් කිසිදු දේපළ හානියක් වාර්තා වී නොමැත.

උතුරු කොරියානු නායකත්වයේ දැඩි විවේචනයට ලක්ව ඇති මෙම යුද අභ්‍යාස හරහා කලාපීය ස්ථාවරත්වය බිඳ වැටෙන බවට පියොංයැං පාලනය චෝදනා කරයි.

මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් පවතින පසුබිමක මෙම පරීක්ෂණ සිදුවන අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර යළිත් සාකච්ඡා ආරම්භ වීමේ ඉඩකඩක් පිළිබඳව ද දකුණු කොරියානු බලධාරීන් ඉඟි පළ කර ඇත.

ජපානය, දකුණු කොරියාව සහ ඇමරිකාව මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර සිය ආරක්ෂක නිරීක්ෂණ කටයුතු තවදුරටත් දැඩි කර තිබේ.

මෙම සිදුවීම වසරේ මුල් භාගය තුළ උතුරු කොරියාව සිදුකළ තෙවන මිසයිල අත්හදා බැලීම ලෙස සටහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...