*
Monday, May 6, 2024
spot_img

Latest Posts

සතුට කියන්නේ අපේ අයිතියක්.රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බර තවදුරටත් දැරිය යුතු නැහැ – ව්‍රායි කැලී බල්තසාර්

කොළඹ LNW:සතුට ජනතාවගේ අයිතියක් වන අතර රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.

අලුතින් වැට් බදු පනවන්නේ දූෂණය, හොරකම, වංචාව තවදුරටත් කරගෙන යමට ඉඩ දී තිබෙන පසුබිමක බවයි බල්තසාර් මහත්මිය සඳහන් කරන්නේ.

එහෙයින් තමන්ගේ අයිතීන් දිනාගැනීමට නිර්භයව මේ ගමන යා යුතු වන බව ඇය අවධාරණය කරයි.

”වැට් බදු වැඩිකිරීමට කලින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෑතකදී කළ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ලංකාවේ නිවාස 60.5%කගේ මාසික ආදායම පහත වැටී අපේ නිවාස 91%ගේ මාසික වියදම වැඩිවෙලා. මේ සංඛ්‍යා දත්තවල 91%ක් කීවාට නිවාස සියයට සියයකම වගේ පවතින්නේ මෙවැනි තත්වයක්. අවු: 03 – 21ක් අතර අපේ දරුවන්ගේ අධ්‍යාපනය 54.9%කින් බිඳවැටෙන්න ආර්ථික අර්බුදය හේතුවී තිබෙන බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා. දෛනිකව කුලී ලබන අය අදටත් රුපියල් 1500- -2000- අතර ආදායමක් ලබන්නේ. තවත් සමහර අය දවසට රුපියල් 1000ටත් අඩුවෙන් වැඩ කරනවා. දවසට රුපියල් 2000 ගානේ ගත්තත් මාසයකටම ලැබෙන්නේ රුපියල් 60,000/-යි. ලයිට් බිල්, වතුර බිල්, ප්‍රවාහන වියදම් දරා ගනිමින් ආහරපාන ටිකවත් ගන්නේ කොහොමද? දරුවන් සහ මව්පියන් ඉන්න පවුල්වල මේ රුපියල් 60,000/- ජීවත් වෙන්න ප්‍රමාණවත් නොවෙන නිසා ආච්චිලා පවා වැඩ සොයාගෙන යනවා.

අපේ ගෘහණියන්, ගැහැනුන්, පවුල් සංස්ථාව මෙවැනි අර්බුදයක සිටින අතර හදිසියේ රෝගී වුවහොත් රජයේ රෝහලකින් පවා කරගත නොහැකි පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කරගත යුතුයි. ඖෂධ මිලදී ගත යුතුයි. මේ නිසාම 2023 අගභාගය වන විට රන් භාණ්ඩ උගස් තබා ණය ලබාගැනීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉස්සර රන් භාණ්ඩ උකස් තබා ණය ගත්තේ හදිසියකට වුණත් දැන් එදිනෙදා ආහාරපාන ලබාගන්න, ලයිට් බිල් ගෙවා ගන්න, උකස් ණය ගන්න සිදුවී තිබෙනවා.

පාසල් වාරය අලුතින් පටන්ගන්නකොට අලුත් පොත් ලැයිස්තුවට රුපියල් විසි දහසේ සිට විසිපන්දාහ දක්වා මුදලක් වැයකරන්න සිදුවී තිබෙනවා. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුල් මේ බර දරාගන්නේ කොහොමද? අපේ කුටුම්භ තුළ ශාරීරික පීඩනයට, මානසික පීඩනයට ගොදුරුවී පවුල් සම්බන්ධතා පවත්වාගෙන යාමත් ගැටලුවක්වී තිබෙනවා. සමාජ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. එකතු කරගත යුතු වුවත් එකතු කර නොගත් බදු රුපියල් බිලියන 900 ඉක්මවා තිබෙන බව ඇතැම් වාර්තා සඳහන් කරනවා. සාමාන්‍ය ජනතාව මත අලුතින් වැට් බදු පනවන්නේ මෙන්න මේ ආකාරයට දූෂණය, හොරකම, වංචාව තවදුරටත් කරගෙන යන්න ඉඩදී තිබෙන පසුබිමකයි. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට අපි රටේම කාන්තාවන් ඇතුළු සියලු දෙනා දැනුවත් කරමින් ඉදිරියට යනවා. තමන්ගේ අයිතීන් දිනාගැනීමට නිර්භයව මේ ගමන යන්න එන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. සතුට කියන්නේ අපේ අයිතියක්. රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැහැ.” යනුවෙන් බල්තසාර් මහත්මිය වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan