උතුරු මැද සියලුම රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ විභාග නවත්වයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වැනි ශ්‍රේණියේ විභාග කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ, එම විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම කලින් පිටවී තිබීම හේතුවෙනි.

ජනවාරි 05 වනදා මධ්‍යම රාත්‍රිය වනවිට 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි තමන්ට වාර්තා වූ අතර ඒ අනුව 06 වනදාට නියමිතව තිබුණු එම ප්‍රශ්න පත්‍රය අත්හිටවූ අතර එදින සවස් වනවිට තවත් ප්‍රශ්න පත්‍ර දෙකක් පිටව ඇතැයි වාර්තා වූ බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේ.

“ඊයේ මධ්‍යම රාත්‍රියේ පළවෙනි ආරංචිය ලැබුණා අද දවසට අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවෙලා කියලා. ඒ අනුව අපි අද අළුයමම ඒ විභාගයේ කටයුතු අත්හිටුවන්න කටයුතු කළා. අද හවස්වරුව වෙනකොට හෙට සහ අනිද්දා ට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පිටව ගොස් ඇති බවට කරුණු වාර්තා වුණා”

මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කළ බව පැවසූ ඒ මහතා මෙය සිදුවූයේ කෙසේද යන්න සොයාබලන බවත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...