V8 ඇතුළු රජයේ සැප වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් නියෝගයක්!

Date:

කොළඹ LNW:වී එයිට් ඇතුළු සැප වාහන වෙන්දේසි කර මාර්තු 01 වැනිදාට පෙර ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය නියෝග කර තිබේ.

පළාත් සභා පලාත් පාලන ආයතන සහ රජයේ ව්‍යාපාර ඇතුළුව රජය සතු සියළු අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර වෙන්දේසි කරනු ලබන එම වාහන කිසිදු රාජ්‍ය ආයතනයකින් මිල දී ගැනීම තහනම් කර තිබේ.

පොදු දේපළ අස්ථානගතවීම, අවභාවිතා වීම වැලැක්වීමත්, රජයේ මුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සදහාත්, රජයේ වාහන පිළිබදව නිවැරදි ලේඛන පවත්වාගෙන යෑම සෑම රාජ්‍ය ආයතන ප්‍රධානියෙකුගේම වගකීමක් බව රජය නිකුත් කර තිබෙන නවතම චක්‍රලේඛකයකින් අවධාරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...