කැනඩාවේ ටෘඩෝ යුගය නිමා වේ.

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ නිල වශයෙන් සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

වසර නවයක ධුර කාලය සම්බන්ධයෙන් ජාතිය අමතමින් කැනේඩියානු අගමැතිවරයා ප්‍රකශ කර තිබුණේ, තම ලිබරල් පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීමට හැකි වන තෙක් තමා ධුරයේ රැඳී සිටින බවත්, මාර්තු 24 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවත්ය.

ලිබරල් පක්ෂයේ සභාපති සචිත් මෙහ්රා පැවසුවේ නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා පක්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් මේ සතියේ පැවැත්වෙන බවයි. ඔහුගේ ලිබරල් පක්ෂය තුලින් ඉවත් වන ලෙස දිගින් දිගටම දැඩි පීඩනයකට මුහුණ දී සිටි අතර පසුගිය දෙසැම්බර් මාසයේදී නියෝජ්‍ය අගමැති සහ දිගුකාලීන සගයෙකු වූ ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් හදිසියේ ඉල්ලා අස්වීමත් සමඟ එය වැඩි විය.

53 හැවිරිදි ටෘඩෝ, 1970 සහ 80 ගණන්වල රටේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ කැනේඩියානු අගමැති පියරේ ටෘඩෝගේ පුත්‍රයාය. 2015 දී ලිබරල් පක්ෂය අතිවිශාල බහුතරයක් දිනා ගැනීමෙන් පසු තරුණ ටෘඩෝ අගමැති විය.

නමුත් අගමැති ලෙස ඔහුගේ කාලය ගෙවී යද්දී, ටෘඩෝගේ ජනප්‍රියත්වය පහත වැටුණි. ඔහුගේ ලිබරල් පක්ෂය 2019 සහ 2021 දී නැවත මැතිවරණ ජයග්‍රහණය කළ නමුත් එම අවස්ථා දෙකේදීම සුළුතර ආණ්ඩු ලෙස ජයග්‍රහණය කළේය.

ඔහු බලයේ සිටි කාලය සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වය පිළිබඳ මිශ්‍ර වාර්තාවක් පෙන්නුම්කර තිබේ.





Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...