අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

0
462

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවකට අද (07) පාර්ලිමේන්තුවේදී අත්සන් තැබීය.

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවයි විපක්ෂය පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මුලිකත්වයෙනේ එය සිදුව තිබේ.

ඒ අනුව විපක්ෂය නියෝජනය කරමින් ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රවී කරුණානායක, දිලිප් වෙදආරච්චි, සුජිත් සංජය පෙරේරා, ජේ. සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, ආචාර්ය පී සත්‍යලිංගම්, එම්. එස්. යූ. ලෙබ්බේ, චතුර ගලප්පත්ති, චමින්ද්‍රානි කිරිඇල්ල, අනුරාධ ජයරත්න, ඉම්රාන් මොහොමඩ්, වී රාධාක්‍රිෂ්නන්, කිංග්ස් නෙල්සන්, චිත්‍රාල් ප්‍රනාන්දු, රෝහිනී කවිරත්න, එම්. ටී. එම්.තහීර්, ඩබ්. එච්. එම්. ධර්මසේම, චාමර සම්පත් දසනායක, රංජිත් මද්දුම බණ්ඩාර, ඩී. වී. චානක, මුජිබර් රහුමාන්, එම්. හිස්බුල්ලා, ජගත් විතාන, සුජීව සේනසිංහ, බී. ආරියවංශ, එස්. එම්. මරික්කාර්, නිසාම් කාරියප්පර්, දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ඊට එක්විය.