ශ්‍රීලනිපය ඉදිරි ඕනෑම ඡන්දයකට එන්නේ පොහොට්ටුවෙන් නෙවෙයි, නව සන්ධානයකින් – රෝහණ (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා නව සන්ධානයකින් තරග වදින බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

“අපේ ඡන්ද ලක්ෂ 17 – 18 නොතිබෙන්න මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය හිමිවෙන්නෙ නෑ මේ ආකාරයෙන්. එය එසේ වුණත් අද වෙනකල් මේ ආණ්ඩුව අවුරුදු දෙකකට වැඩි කාලයක් තාමත් සහෝදර පක්ෂ සමග පුළුල් සංවාදමය කතිකාවක් ආරම්භ කරලා නෑ. එම සංවාද බිඳ වැටුණේ කවද්ද, ඒ බිඳවැටෙනකොට ආණ්ඩුවේ ආයුෂ කාලය පිරිහෙන්න පටන් ගන්නවා. අපේ අතීත අත්දැකීම් කියන්නෙත් එහෙමයි, වර්තමාන අත්දැකීමත් සිදුවෙමින් පවතින්නේ ඒ දිශාවටමයි කියන එකයි අපි කියන්නෙ.

සහෝදර පක්ෂ තමන්ට යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ඨ නොවීම නිසා ඒ අය වෙනම අධිකරණයට පවා යමින් තිබෙනවා. රටේ තිබෙන්නෙ දේශපාලන සංකීර්ණතාවයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්වය තුළ ප්‍රායෝගිකව ගම්මට්ටමේ, බිම්මට්ටමේ ජනතාව සංවිධානය කරමින් ඉන්නවා. එළඹෙන ඉදිරියේ කවර මැතිවරණයක් වේවා, අපි ඒ සඳහා ශ්‍රීලනිපය අලුත් සන්ධානයක් හරහා ඉදිරිපත් වීමට කටයුතු කරමින් සිටිනවා”

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (06) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Sochi තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Sochi තෙල්...

පොදු පෙරමුණේ නව බලාපොරොත්තුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...

වීදි කලාව ගහක මුලක්, කොලයක්, මලක් වුවත් ජීවමාන කරවන රූප මවනු ඇත!

සටහන – පුලී අගෝස්තු 04, කොළඹ (LNW): නාගරික උද්‍යානවල ජ්‍යාමිතික රටා...

පාට තුනට 55 ක් බෙදෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමට සුදුසු...