*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශාක ලෝකයේ ‘ඩිකැප්රියෝ’

සුප්‍රසිද්ධ ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ නමින් ශාකයක් නම් කර තිබේ.ඒ, උවාරියොප්සිස් ඩිකැප්රියෝ Uvariopsis dicaprio යනුවෙනි.

අපූර්ව ජෛව විවිධත්වයකින් යුක්ත කැමරුන් දේශයේ වනාන්තරවල පමණක් අලුත් ඩිකැප්රියෝ දැකගත හැකිය.

ටයිටැනික් චිත්‍රපටයේ ජැක්ගේ චරිතයට පණ පෙවීම මගින් ලෝක ප්‍රසිද්ධියට පත් වූ ඩි කැප්රියෝ, රංගන ශිල්පියෙකු ලෙස අද්විතීය ගමනක නිරත වන අතරවාරයේ පරිසරයට ආදරය කරන්නෙකු බවට පත් වූයේ, හැකි සෑම අයුරකින්ම වන විනාශයට එරෙහි වෙමිනි.

පසුගිය වසරේ ග්ලාස්ගොව් හි පැවති Cop26 දේශගුණික සමුළුවට ද ඔහු සහභාගි විය. සිය ජාත්‍යන්තර තරු ගුණය ඔහු පරිසරයට ආදරය කිරීම වෙනුවෙන් යොදවන්නේ, හැකි හැම විටම වැසි වනාන්තර කපා දැමීමට එරෙහිව සිය හඬ අවදි කරමිනි.

කැමරුන් දේශයේ 1,417 km² ක් පැතිර පවතින එබෝ වැසි වනාන්තරය රැක ගැනීම සඳහා ද පසුගිය සමයේදී ඩිකැප්රියෝ පෙරමුණ ගත්තේය.

බෙනෑන් ආදිවාසීන් වෙසෙන, මධ්‍යම අප්‍රිකාවේ විශාලතම නොඉඳුල් වනාන්තරය වන එබෝ වනය තුළ වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ගෝරිල්ලා විශේෂ ද චිම්පන්සීන් ද වන අලි ද වෙති. පසුගිය සමයේදී අන්තර්ජාතික පරිසර සංරක්ෂණ විශේෂඥයන් විසින් කැමරුන් ආණ්ඩුවට ලිපියක් ලියමින් දැනුම් දුන්නේ එබෝ වනය තුළ සුරැකී ඇති ජෛව සම්පත ලේඛනගත කිරීමට අවශ්‍ය බව ය. මෙම ගැටළුව ඩි කැප්රියෝ වහාම සිය අවධානයට හසු කර ගත් අතර, ඒ අනුව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සිටින මිලියන ගණනක් අනුගාමිකයෝ ද එයට සහාය පළ කිරීමට එක් වූහ. මේ සිද්ධියෙන් පසු එබෝ වැසි වනය කපා දැමීමට ලබා දී තිබූ අවසරය හකුළා ගැනීමට කැමරුන් රාජ්‍යයට සිදු විය.

එබෝ වනය තවමත් සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් කැමරුන් රාජ්‍යය විසින් නම් කර පවා නැත. ඩිකැප්රියෝ ඇතුළු පරිසරයට ආදරය කරන්නන් මේ නිසා එබෝ වනය සලකන්නේ විශාල සටනක් දී රැක ගත යුතු ස්වභාවික සම්පතක් ලෙස ය.

ඒ අනුව කැමරුන් දේශයේ ආවේණික අලුත් ශාක සාමාජිකයා ඔහුගේ නමින් නම් කිරීම, කැප්රියෝට මෙන්ම වැසි වනාන්තරවලට ද කරන ගෞරවයක් යැයි විද්‍යාඥයන් විසින් තීරණය කර තිබේ.

සදාහරිත – දිදුලන සුපුෂ්පිතයා – ඩිකැප්රියෝ

මේ අනුව කිව් රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යාඥයන් විසින් ශාක ලෝකයට ද ඩිකැප්රියෝ කෙනෙකු හඳුන්වා දී තිබේ.

ශාක ලෝකයේ මේ අලුත්ම ඩිකැප්රියෝ නළුවා සදාහරිත කුඩා නිවර්තන ශාකයකි. වසර පුරාම එය දිලිසෙන සුලු කහ පැහැති මල් පුබුදයි. එහි මල් හටගන්නේ කඳෙනි. එනම් එය ‘ස්කන්ධ පුෂ්පිතාවය’ දක්වන ශාකයකි. දැඩි සේ වඳවී යාමේ තර්ජනයට ලක් ව තිබෙන ylang ylang ශාක පවුලට ඩිකැප්රියෝ අයත් ය.

පසුගිය වසරේ ශාක සහ දිලීර (ෆන්ගි) වර්ග 200 කට වඩා කිව් රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යාඥයන් විසින් මේ අයුරින් විද්‍යාත්මක නාමකරණයට ලක් කර තිබේ. සොබාදහමේ නොව මිනිසාගේ බියකරු තර්ජනයන්ට ලක්ව, තවත් මේ ලෝකයේ සිටිය නොහැකිව සදාකාලිකව සිය වර්ගයා සමගම මිය යන්නට තීරණය කරගෙන සිටි විශේෂයන් රැසක් එයට අයත් ය. ඒවා ස්වභාවයෙන්ම සොබාදහමේ අසිරිමත් බලයේ ප්‍රතිබිම්බයන් ය. එ‌බෝ වනයේම වෙසෙන රෝස පාට මල් පුබුදන ලිලී ශාකය, ඔස්ට්‍රේලියාවේ කෘමීන් උගුලට හසු කර ගන්නා කැලෑ දුම්කොළ ශාකය මෙන්ම මැඩගස්කරයේ පස් පෙති මල ද එයට අයත් ය. ‌මේ පස්පෙති මල, අඳුරේ පවා දිලෙන ඔර්කිඩ් විශේෂයකි.

පසුගිය වසරේ විද්‍යාඥයන් සොයාගත්තේ මැඩගස්කරයේ ඔර්කිඩ් විශේෂ 16 ක්ම ලෝකය විසින් හඳුනාගත් විගසම වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

සොබාදහමේ මේ සියලු අලංකාරයන් වනසා දමන්නේ, ඒවා නැවත නොඑන ගමන් යන්නේ හුදෙක්ම මිනිසා විසින් සිදුකරන වන විනාශයන් හෙවත් වන හරණය හේතුවෙනි. නිකේතන වැනසුණු පසුව කිසිවෙකුට මේ ලෝකයේ වසන්නට තැනක් නැත. එනිසා මේ, මිහි මවට වැඩි වැඩියෙන් ඩි කැප්රියෝලා අවශ්‍ය කර තිබෙන මොහොතයි.

OUTBOUNDTODAY-RADIKA GUNARATNE

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan