බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කරමින් පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම්

Date:

බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එමෙන්ම ප්‍රාද්ශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කරන ලෙසත්, ඒ සඳහා සෑම කොට්ඨාශයකටම මධ්‍යස්ථාන කිහිපයක් එක් කරන ලෙසත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇත.

මෙමගින් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනගහනයට ලබා දීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සමඟ අද (06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ වන විට මෙරට ඉලක්කගත ජනගහනයෙන් 28% කට බූස්ටර් එන්නත ලබාදී තිබේ. මේ මස අවසන් වනවිට ඉතා ඉහළ ප්‍රතිශතයකට එම එන්නත ලබාදීම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් එළඹෙන 29 දිනට මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර වසරක් පිරෙන බවත්, ගතවූ එම කාලය තුළ එන්නත් මිලියන 45 ක පමණ ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනවිත් තිබෙන බවත් අමාත්‍යවරයා කීවේය.

කේතය (QR code) හා යෙදුම (App) සහිත එන්නත්කරණ කාඩ්පත ඉතා ඉක්මනින් ලබාදෙන බවද එම කාඩ්පත සඳහා පූර්ණ එන්නත්කරණයට බූස්ටර් එන්නතද ඇතුළත් වන බව අමාත්‍යවරයා මෙහිදී කීය. එනිසා බූස්ටර් එන්නත ලබාගැනීම එන්නත්කරණ කාඩ්පතට අනිවාර්ය වනු ඇති බවත් එය පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී අත්‍යවශ්‍ය වන බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ලොවටම ආදර්ශවත් ලෙස මෙරට ක්‍රියාත්මක කළේ යැයිද එය ලෝක රාජ්‍ය නායකයන්ගේ, රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ඉහළ ප්‍රසාදයට ලක්ව ඇත්තේ යැයිද අමාත්‍යවරයා කීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...