පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි මෛත්‍රී සිදුකළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මෙනවිය අද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙන අතර හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේ එක් වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබේ.

පසුගිය නොවැම්බර් 29 වැනිදා හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ තමා එම නඩුවේ චෝදනාවලින් මුදා හරින ලෙසයි. චෝදනා විභාගයකින් තොරව පළමු අවස්ථාවේදීම අදාල චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු ඉල්ලා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...