Friday, March 31, 2023
spot_img

Latest Posts

සුසිල් ප්‍රේම්ජයන්තගේ කට වැහුවට පස්සේ තව සමහර සිංහයෝ බලු වුණ හැටි! (VIDEO)

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ කට වැසීමෙන් පසු ආණ්ඩුව තුළ සිංහයන් මෙන් සිටි තවත් සමහර අය බලු පැටවුන්ගේ තත්ත්වයට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (07) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාතිවාදය ගැන, දේශප්‍ර්මය ගැන කතා කරපු විමල් වීරවංශලාගේ ඇමතිකම් නැතිවේ යැයි යන බිය නිසා ආණ්ඩුවේ හොරකම්, වංචාවන් කියාගන්න බැරුව ලතවෙමින් සිටින බවයි විජේසිරි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි වසර 50කට ඉන්දියාවට බදු දීමට ගත් තීරණයත් සමඟ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ රෙදි ද ගැලවී ගොස් ඇති බව හෙතෙම පෙන්වාදෙන ලදී.

කෙසේවෙතත් ඩොලර් වෙනුවෙන් ආණ්ඩුව රටේ සම්පත් විකිණීම නතර කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.