*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

උගත් පරම්පරාවේ සෞභාග්‍යය

රටක උගත් පරම්පරාවෙන් වැඩ ගැනීමට හා ඔවුන් ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමට සැලසුම් පාලකයන් ළඟ තිබිය යුතුය. වත්මන් ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි එබඳු සැලසුමක් තිබේ. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව උසස් අධ්‍යාපනය, රැකියා සම්පාදනය හා රටේ සංවර්ධනය එකට ගළපා ගත යුතුය. රටට අවශ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා ද උසස් අධ්‍යාපනයට විශාල පිරිසක් බඳවා ගැනීම සඳහා ද සැලසුම් එහි ඇත. චීනය, රුසියාව, ජර්මනිය, කොරියාව, ජපානය වැනි රාජ්‍යයන් අධ්‍යාපනය ඔස්සේ වෘත්තිකයන් බිහි කිරීමට අදාළ පාඨමාලා ජාතික අධ්‍යාපනයට එකතු කරගෙන තිබේ.

ඒ අනුව උසස් අධ්‍යාපනය ලබන කිසිවකුට රැකියා නැතිව ළතැවීමට සිදු වන්නේ නැත. එම රටවල දක්නට ලැබෙන එක වෙනසක් වන්නේ පෞද්ගලික සමාගම්වල රැකියා සඳහා වැඩි පිරිසකගේ කැමත්ත පැවතීමය. අපේ උපාධිධාරින් ද පෞද්ගලික අංශය වෙත යොමු කරන වැඩසටහනක් තිබිය යුතුය.රැකියා සම්පාදනය අතින් මේ වසර සුවිශේෂ බව කිව යුතුය. වසර ආරම්භ වන්නේ උපාධිධාරින් පනස් එක් දහසකට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම් ලබා දෙමින්ය. මේ වසර තුළ විදේශ රැකියා ලක්ෂ තුනක් දීමට ද රජය සැලසුම් කර තිබේ. ජපානය, දකුණු කොරියාව මෙන්ම යුරෝපීය රටවල් කිහිපයක් ද මැදපෙරදිග රටවල් කිහිපයක් ද මේ රැකියා අවස්ථා දීමට නියමිතය.

ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ කෙටිකාලීන පුහුණුවකින් පසු සුදුසුකම් ඇති අය විදේශ රැකියා සඳහා යොමු කිරීමටය. පුහුණුව නිසා වෘත්තිකයන් ලෙස ඉහළ වැටුප් සහිත සුරක්ෂිත රැකියාවකට තරුණ තරුණියන් යොමු කළ හැකිය. විදේශ විනිමය පිළිබඳ ගැටලුවට ද එය හොඳ උත්තරයක් වෙයි.ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තිස්එක් දහස් හාරසිය අනූවක් වන අතර දීමනා සමඟ මුළු වැටුප රුපියල් හතළිස් එක්දහස් හාරසිය අනූවකි. රැකියාලාභීන්ගේ තනතුර හා වැටුප දෙස බලන විට එය යුක්ති සහගත බව කිව යුතුය. නව පත්වීම්ලාභීන්ට ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා ද අවස්ථාව හිමි කර දී ඇත. ඒ අනුව උපාධිධාරීන්ට තව තෝරා ගැනීමක් ද තිබේ.‍ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජගත් ආයතනවල උපදේශනය වන්නේ රාජ්‍ය අංශය පුළුල් නොකළ යුතුය යන්නය.

විශ්‍රාම වැටුප් දීමට ද එම ආයතන එකඟවන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව එය පිළිගෙන නැත. රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිවරයා විශ්වාස කරයි. ඒ සඳහා වන සැලසුම් ද ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටී. ශ්‍රී ලංකාව වැනි රටකට ගැළපෙන ආර්ථික මොඩලය ඒ යැයි විශ්වාස කළ හැකිය. මෙහිදී රාජ්‍ය සේවකයන් ද සිය වගකීම් නිසි ලෙස වටහා ගෙන කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දීමට කැප විය යුතුය. එසේ නොවුණ හොත් ආණ්ඩුවේ සැලසුම් සාර්ථක වන්නේ නැත. රට ගොඩනැඟීම සඳහා සාමුහික ප්‍රයත්නයක් අවශ්‍ය බව අප කවුරුත් වටහා ගත යුතුය.වත්මන් ආණ්ඩුව ජනතා සහන ක්‍රියාත්මක කරන්නේ ද රාජ්‍ය අංශයේ නව රැකියා ලබා දෙන්නේ ද සමස්ත ලෝකයත්, රටත් අසීරු අවස්ථාවකට මුහුණ දෙමින් සිටියදීය. අමෙරිකාව වැනි ධනවත් රටවල පවා විරැකියාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව දැක ගත හැකිය. ධනවත් රාජ්‍යයන් ජනතා සහන කපා හරින්නට පෙලඹී ඇත. මෙබඳු පසුබිමක් තුළ වත්මන් ආණ්ඩුව පොදු ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීම සුවිශේෂ තත්ත්වයකි.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan