Wednesday, December 6, 2023
spot_img

Latest Posts

ගුවන් හමුදාවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණයෙන් එම එන්නත්කරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙන අතර විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත එහිදී ලබා ගැනීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දවස පුරා එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ රැඳී සිටින හෙයින් දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකික ගුවන් මගීන්ට පැමිණීමේ පර්යන්තයේදී එම එන්නත ලබා ගැනීමේ අවස්ථාව පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.