Thursday, March 23, 2023
spot_img

Latest Posts

මේ අවුරුදු දෙකට මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ – ජනාධිපති

කාබනික පොහොර සංකල්පය හඳුන්වා දුන්නේ රට පුරා ව්‍යාප්තව තිබෙන වකුගඩු රෝගය, පිළිකා රෝග මතු පරපුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර යනු ශාක කොටස් භාවිතා කර නිෂ්පාදනය කරන පොහොර පමණක් නොවන බවත් කෙසේ නමුත් විවිධ හේතු නිසා බාධක නිසා ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ගොවි ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රට පුරා පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩපිළිවෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගිවෙමිනි.

මෙම වැඩසටහනේ පළමු පාසල ලෙස සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සංවර්ධනය කර සිසු අයිතියට පැවරීම සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වසර දෙකක සිය පාලනය කාලය තුළ විදෙස් රටවලින් සතයක් හෝ ණය ලබාගෙන නොමැති බවයි. එය ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි බවද ජනාධිපතිවරයා පවසනවා.

ඇමතිවරුන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇතැම් ඇමතිවරුන් රජය විවේචනය කරමින් සිටින බවයි. මේ නිසා එක් ඇමතිවරයෙකු ඉවත් කිරීමට සිදු වූ බවද ඔහු පවසනවා. ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් කැබිනට් ඇමතිකම් බලාපොරොත්තු වන නමුත් බොහෝ ඇමතිවරුන් සාමූහික වගකීමෙන් කටයුතු කිරීමට අසමත් වී ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.