චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා – දයාසිරිගෙන් ශ්‍රීලනිප සංවිධායකයන්ට අවවාද

Date:

123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර මෙම ගුණ සමරු උත්සවයට සහභාගවීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රීලනිප සංවිධායකයන්ගේ ගමන කඩාකප්පල් කිරීම සඳහා හෙට උදෑසන හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. මෙම රැස්වීම සඳහා සියලු පක්ෂ සංවිධායකයන් සහභාගිවීම අනිවාර්ය බවයි ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුම් දී තිබෙන්නේ.

පක්ෂ සංවිධායක ධුරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ගුණ සමරුවට සහභාගි වී හෙට උදෑසන ශ්‍රීලනිප මූලස්ථානයට වාර්තා කරන ලෙසද දැනුම් දී තිබෙනවා.

චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා යැයිද ශ්‍රීලනිප ලේකම්වරයා පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...