එන්නත් අනිවාර්ය කරන්න අපිට බලයක් නෑ හැබැයි එන්නත් කාඩ්පත අනිවාර්යයි – කෙහෙළිය

මෙරට ජනතාවට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් අනිවාර්ය කිරීමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊට අදාල නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බවත්, පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව එන්නත් කාඩ්පත් මගින් තහවුරු නොකරන පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම අවහිර කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබෙන බවත් ඔහු පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ බූස්ටර් මාත්‍රාවද ලබාගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක් වූ අය ලෙස සළකන බවයි.

අවුරුදු 12-15 වයස් කාණ්ඩය සඳහා එන්නත්කරණය අද (07) ආරම්භ වූ අතර එම එන්නත්කරණ මධ්‍යස්ථානවලින් පාසල් ගුරුවරුන්ට, අනධ්‍යයන සේවකයන්ට පමණක් නොව පාසල් සිසුන්ගේ දෙමව්පියන්ටද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...