“නොමිලේ ගෙවල්” ජුලිවලින් කල් ඉකුත් වේ!

Date:

‘අරගලකරුවන්ගේ ප්‍රහාර’ හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමි වූ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් ඔවුන්ට දැනුම් දී ඇත.

ඊට පසුව එම නිවාස පාවිච්චි කරන්නේ නම් මාසික කුලිය මන්ත්‍රීවරුන්ගෙන් අය කෙරෙනු ඇත. ඒ නිවෙසක මාසික කුලිය රුපියල් හැත්තෑ දහසක් පමණ වේ.

එසේම මන්ත්‍රීවරුන්ට එම නිවාස මිලදී ගැනීමටද බලධාරීන් අවස්ථාව සලසාදී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් පිරිසක් එම නිවාස මිලදී ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කරගෙන ඇතැයි පවසන ආරංචි මාර්ග මෙම එක් නිවාසයක් කෝටි දෙකක් පමණ වේ යැයි සඳහන් කරයි.

‘අරගලකරුවන්ගේ ප්‍රහාර’ මත දේපළ අහිමි වූ බව කියන ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82කි. මින් සැලකිය යුතු පිරිසක් බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගෙන සිටිති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...