ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක බලාපොරොත්තුවක්…

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

නව වැඩසටහන මීට පෙර සිදුකළ ආකාරයෙන්ම ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4 කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්‍රතිලාභ වශයෙන් ලබාදීමට නියමිතය.

එහිදී මාසිකව රුපියල් 4500 බැගින් මාස 10 ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...