ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක බලාපොරොත්තුවක්…

Date:

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

නව වැඩසටහන මීට පෙර සිදුකළ ආකාරයෙන්ම ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4 කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්‍රතිලාභ වශයෙන් ලබාදීමට නියමිතය.

එහිදී මාසිකව රුපියල් 4500 බැගින් මාස 10 ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...