“නොමිලේ ගෙවල්” ජුලිවලින් කල් ඉකුත් වේ!

‘අරගලකරුවන්ගේ ප්‍රහාර’ හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමි වූ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් ඔවුන්ට දැනුම් දී ඇත.

ඊට පසුව එම නිවාස පාවිච්චි කරන්නේ නම් මාසික කුලිය මන්ත්‍රීවරුන්ගෙන් අය කෙරෙනු ඇත. ඒ නිවෙසක මාසික කුලිය රුපියල් හැත්තෑ දහසක් පමණ වේ.

එසේම මන්ත්‍රීවරුන්ට එම නිවාස මිලදී ගැනීමටද බලධාරීන් අවස්ථාව සලසාදී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් පිරිසක් එම නිවාස මිලදී ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කරගෙන ඇතැයි පවසන ආරංචි මාර්ග මෙම එක් නිවාසයක් කෝටි දෙකක් පමණ වේ යැයි සඳහන් කරයි.

‘අරගලකරුවන්ගේ ප්‍රහාර’ මත දේපළ අහිමි වූ බව කියන ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82කි. මින් සැලකිය යුතු පිරිසක් බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගෙන සිටිති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...