*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සතුරු මිතුරු හැමෝම දැන් කතා කරන්නේ අපි ගැන. අපට හරි සතුටුයි – හඳුන්නෙත්ති

ජාතික ජන බලවේගයේ ඉදිරි ගමනට සතුරු වෙසින් එන සතුරන් මෙන්ම මිතුරු වෙසින් එන සතුරන් ද සිටින බවත්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව ජාතික ජන බලවේගය වෙනුවට දැන් කතා කිරීමට පටන් ගෙන තිබෙන්නේ ඔවුන් බවත්, තම දේශපාලනයේ ප්‍රතිපත්ති පිළිබඳව යම් ගැටළුවක් පවතී නම්, එය විවේචනය කළ යුතු නම් එය අන් අයගෙන් විමසනු වෙනුවට සෘජුව පක්ෂ සාමාජිකයන් හමුවී සාකච්ඡා කිරීමට ජනතාවට හැකි බවත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) දින දෙවිනුවර පැවැත්වූ “විසඳුම වෙනුවෙන් ජනබලය” නමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ ජන හමුව අමතමිනි.

“අපි ආවම මොනවද කරන්නෙ කියන්න, අපේ ප්‍රතිපත්ති මොනවාද කියන්න දැනුම් දෙන්න පිරිසක් ඇවිල්ලා ඉන්නවා. සමාජ මාධ්‍ය වල, ෆේස්බුක් වල, යූටියුබ් එකේ පිස්සු හැදෙන්න එයාලා දගලනවා. එයාලා මේ දවස් වල ජාතික ජන බලවේගය දිනවනවා. කට්ටියක් ෆේස්බුක් එකෙන් සමාජ මාධ්‍ය වලින් youtube එකෙන් ජාතික ජන බලවේගය පරදවන්නට වෙහෙසෙනවා. එයාලා තමයි අපි ඇවිල්ල මොකද කරන්නේ කියලා කියන්නේ.

එතකොට අපිට අවංකවම ආදරේ කරන අය කලබල වෙලා දැන්, අපිට උදේ එළිවුණ වෙලේ ඉඳන් රෑ වෙනකම්ම ටෙලිෆෝන් කෝල් එනවා, ඒ මොකටද ජාතික ජන බලවේගයට මේක ඉතාම හානි කරයි කියලා ජාතික ජන බලවේගයට මේක ඉතාමත් අපහාසයක් කියනවා, අපි මේ එකතුවෙලා යන ගමන ජනතාවගේ බලාපොරොත්තුව කඩාකප්පල් වෙයි කියලා ඒ අයට බයක් තියෙනවා.

අලුතින් මිතුරු වෙසින් එන හතුරන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හතුරු වෙසින් එන හතුරෝ ත් ඉන්නවා. ඒ හැමෝම දැන් අපි ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. පිරිසක් මඩ ගහන්න පටන් අරන් තියෙනවා. පිරිසක් අපේ ප්‍රතිපත්ති ගැන කියන්න පටන්අරන් තියෙනවා. පිරිසක් අපිව විග්‍රහ කරන්න අරන් තියෙනවා, ජාතික ජන බලවේගය අත ගාන්න පටන් අරන් තියෙනවා. හැබැයි කොන්දක් තියෙනවා කවුරු මොනවා කිව්වත් කවුරුත් කතා කරන්නේ එක දෙයක් විතරයි, රටේ දේශපාලනය අද පොහොට්ටුව ගැන කිසි කතාවක් නෑ, යූඑන්පී එක එක ගැන කතාවක් නෑ , සජබෙ ගැන කතාවක් නෑ, වෙන පක්ෂයක් නෑ කතා කරන්න හතුරටත් මිතුරාටත් කතා කරන්න තියෙන්නේ අනුර කුමාර දිසානායක ගැන විතරයි. ඒ කියන්නෙ ජාතික ජන බලවේගය ගැන විතරයි. ඉතිං අපිට ඒ ගැන සතුටුයි.

සතුරු මිතුරු හැමෝම දැන් කතා කරන්නේ අපි ගැන විතරයි . මිතුරු වෙසින් මිතුරෝද , මිතුරු වෙසින් සතුරන් ද කතා කරමින් සිටින්නේ අප ගැන.. කාගේත් පොදු හතුරා සහ පොදු මිතුරා ජාතික ජන බලවේගයයි.

මාවෝ සේතුන් වෙලාවක කියනවා අපගේ සාර්ථකත්වයේ මිම්ම මනින්න මිතුරන්ගේ ප්‍රසංසා වලින් නොව සතුරන්ගේ දරුණු විවේචන වලින් කියලා. ඒ නිසා මේ අපට දේශපාලනය කරන අපට මිතුරන්ගේ විවේචන අහමබයක් නොවේ.

සතුරා කලබල වන තරමට අපිත් සතුටුයි. මොකද සතුරා කලබල වෙන තරමට අපි දන්නවා අපි සාර්ථකයි කියලා. ඒ නිසා අපි සාර්ථක ගමනක් යනවා”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan