*
Thursday, January 9, 2025
spot_img

Latest Posts

රනිල්ගේ අඩිපාරේ යන ආණ්ඩුව කතා කිරීමේ නිදහසටත් වැට බැඳලා ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

වර්තමානයේ ජනාධිපතිවරයෙක් රජයක් බිහි වුවත් බඩු මිලට, ජිවන බරට, දුප්පත්කම වැඩි වීමට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු වීමට විසඳුම් නොමැති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි රටේ ආර්ථිකය ගැන සම්මන්ත්‍රණයක් පවත්වන්න හදන විට එය රජයට විරුද්ධ මතයක් යැයි කියා වහාම ඒ සම්මන්ත්‍රණය අහෝසි කරන්න කියා වැඩ බලන උපකුලපතිවරයා දැනුම්දී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිදහස වෙනුවෙන් නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වූ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය හා කථිකාචාර්යවරුන් මේ රජය ගත් පියවර ගැන කියන්නේ කුමක්දැයි කියා ප්‍රශ්න කරන බවත් භාෂණයේ අයිතිය, තමන් විශ්වාස කරන මතයක් දැරීමට අයිතියක් රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වාද විවාද කිරීමට සම්මන්ත්‍රණ පැවැත්වීමට අයිතියක් නැද්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වන විට සෑම අතකින්ම රට අරාජික වී ඇති බවත් 2025 වන විට විදේශ ණය පොලී වාරික කිහිපයක් ගෙවීමට ඇති බවත් මේවා රටේ ජනතාවට කියන්නට ආණ්ඩුව මැලි වී ඇති බවත් මේ පොලී ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් සංචිත නිර්මාණය වී ඇත්ද කියා ගැටලුවක් ඇති බවත් ආර්ථික වර්ධන වේගය සැලසුම් සහගතව ශීඝ්‍ර වේගවත් කිරීමකට ලක් කර 2028 වන විට මූලික ණය ගෙවීම ක්‍රියාත්මක කිරීමට අප රටට ආර්ථික ශක්තියක් ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රනිල්ගේ අඩිපාරේ යන ආණ්ඩුව වැඩ කරන ජනතාවට වැඩි බරක් දීලා

එසේම ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී වමට සිග්නල් එක දැමූ වත්මන් රජය දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අඩිපාරේ යන බවත් විදේශ ණය හිමිකරුවන් සමඟ එකඟතා ඇති කරගත් බවට ලොකුවට කියන නමුත් ජාත්‍යන්තර බැදුම්කර ණය හිමියන් අප රට එකඟ වී ඇති එකඟතා නිසා ඔවුන්ට ලොකු වාසියක් අත්ව පාඩුව රටේ වැඩ කරන ජනතාවට අත්විදීමට සිදුව ඇති බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩකරන ජනතාවගේ අර්ථ සාධකයට පිට්පොකට් ගැසූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ට වාසි වූවාට රටේ වැඩකරන ජනතාවට වාසි නැති බවත් එදා මෙයට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ අද මේවා පිළිගෙන ජනතාව රවටා ඇති බවත් පෙන්වා දුන්නේය.

අපිට ජනවරම දුන්නා නම් විශ්‍රාමික ප්‍රජාවගේ 15% පොලිය නැවත දෙනවා

රටේ ජනතාව සමගි ජන බලවේගයට වරම ලබා දුන්නේ නම් එම වරම උපයෝගී කර ගෙන නව IMF ගිවිසුමක් ගෙන එන බවත් එය ජනතාවට සහනදායී ඵලදායී එකක් වන බවත් අද වන විට විශ්‍රාමික ප්‍රජාවගේ ගිණුම්වලට ලැබුනු 15% පොලිය ද අහිමි වී ඇති බවත් ඉතිරි කිරීමේ ගිනුම්වලට ද බදු ගසා ඇති බවත් පාසල් උපකරණවලට පවා ගැසූ බදු පවා අඩු කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ මේ රටට මේ ආකාරයෙන් යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජාඇල සමගි ජන බලවේගයේ සංවිධායක ශිරන්ත අමරසේකර මහතා සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan