ලසන්ත ඝාතනයට වසර 16 යි. ඝාතකයින් අදටත් නිදැල්ලේ !!

Date:

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ලක්ව අදට (ජනවාරි 08) වසර 16ක් සපිරේ.

2009 ජනවාරි 08 වනදින උදෑසන 10.25 ට පමණ රත්මලාන බේකරිය හන්දිය ආසන්නයේ, අධිආරක්ෂිත කලාපයක් අසලදී ඔහුව ඝාතනය කෙරුණේ තම කාර්යාලයට යමින් සිටියදී ය. දෙනෝ දාහක් දෙනා ඉදිරිපිට මහපාරේ බෝල්ට් ගන් අවියක් භාවිතා කරමින් සිදුකෙරුණු මෙම ඝාතනය සම්බන්ධයෙන් අදටත් යුක්තිය ඉටුවී නොමැත.

රාජපක්ෂ පාලනය යටතේ මාධ්‍ය මර්දනයේ කළු සෙවනැලි ශ්‍රී ලංකාව වසාගෙන තිබුණු ඒ යුගයේ, තම ජීවිතයට අවස්ථා ගණනකදී තර්ජන එල්ල වී තිබියදී පවා ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීම වෙනුවෙන් වූ සිය මාධ්‍යකරණයේ වගකීම අත්හැරීමට ලසන්ත වික්‍රමතුංග සිතුවේවත් නැත. එහි කෙළවර වුණේ ඝාතකයින් විසින් ඔහුගේ ජීවිතය උදුරා ගැනීමයි.

ලසන්ත ඝාතනය ඇතුළු ඒ යුගයේ අපරාධ පෙන්වමින් පසුව ආණ්ඩු පෙරළිත් සිදුවිණි. ලසන්තගේ දේහය පවා යළි ගොඩගැනුණි. එහෙත් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය ඔහේ අතරමග නැවතුණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වගකිවයුත්තන් හෙළිදරව් කරමින් නීතිය ක්‍රියාත්මක කරන බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සිය මැතිවරණ ව්‍යාපාරය තුළ පොරොන්දු විය. මේ වතාවේදීවත් එම පොරොන්දුව ඉටුවනු දැකීම යුක්තිය අගයන මෙරට පුරවැසියන්ගේ පැතුමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...